(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට සම්බන්ධ මර්සියෙල් තෝමස් නැමැති ඉන්දිය ජාතිකයා ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය.
ඔහු සම්බන්ධ ඇප නියෝගය ද එදින ලබා දෙන බව මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද (11) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, මෙම සිද්ධියට සම්බන්ධව රක්ෂිත භාරයේ සිටින ඉන්දියන් ජාතික මර්සියෙල් තෝමස් යන අය බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
පැමිණීලි පාර්ශ්වය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අද (11) අධිකරණයේ පෙනී නොසිටී අතර, ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් මහේස්ත‍්‍රාත්වරයා එම දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කළේය.
සැකකරුවන් ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට නියෝග නිකුත් විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට සහ ඊට අදාල සියලු නඩු කල් තබා තිබෙන අතර එම නඩු වල ප්‍රතිපල ලැබෙනුයේ ආණ්ඩුව විසිරුවිමට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට පසුවය.
ඉන්දියාවත් මේ වැඩවලට මුකුත්ම කියන්නැති එකයි පුදුමේ ?