විනීතා එම් ගමගේ
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දේශපාලන වේදිකාවල කථා කරමින් සිටියත් දෙදෙනාටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වුවමනාවක් ඇතැයි පෙනෙන්නට නැති බව පැෆරල් සංවිධානය පවසයි.
පළාත් සභා හතක නිල කාලය අවසන්ව ඇති බවත් බස්නාහිර පළාත් සභාවත් මේ මස 20 වැනිදායින් අවසන් වන බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ වනවිට කටයුතු කළ යුතුව ඇතත් කිසිදු පාර්ශවයකට උවමනාවක් ඇති බවක් නොපෙනෙන්නේ යැයි පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
මැතිවරණ කල් දැමීම ප්රජාතන්ත්ර විරෝධි ක්‍රියාවක් බව කී හෙට්ටිආරච්චි මහතා එය ජනතා විරෝධී කටයුත්තක් බව ද කීය.
මැතිවරණය ඉල්ලා අධිකරණය ඉදිරියට යා හැකි වුවත් අධිකරණ ක්‍රියාවලියක් තුළින්ද විශාල කාලයක් ගතවන බව හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට පළාත් සභා 9න් හතක් ම පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේ බව පෙන්වා දුන් පැෆරල් විධායක අධ්යක්ෂවරයා බස්නාහිර පළාත්සභාවද ලබන 20 වැනිදා සිට ආණ්ඩුකාරවරයා යටතට පත්වන බව පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පාලනේ ඕනේ නැහැ. නූගත් මිනිස්සු පත්වෙලා උගත් මිනිස්සුන්ගේ තැන නැතිකරනවා...
ප්රජාතන්ත්රවාදය යනු හිස් වචන ගොඩකි...
ගරු ජනාදිපතිතුමණනි, ගරු අගමැතිතුමනි... අපේ රටේ ජනතාවට.. කාලා, බීලා, ඇඳලා ලෙඩක්..දුකක්..කරදරයක් ..බයක්.. නැතුව ජීවත් වෙන්න පුළුවන් තත්වයකට මේ රට ලඟා වෙනවා නම්.. ඡන්දයක් තැබීමට අපිටත් කිසිම වුවමනාවක් නැහැ... !
හා එතකොට දකුණේ ආණ්ඩුකාරකම...?
දෙන්නම බයයි ඡන්දෙට....
අපිට සතුටුයි මුදල් නාස්තිකරලා අනවශ්‍ය ඡන්ද නොතියා ඉන්න එකට. බමුණට ඕනෙද අපේ හිතේ තිබෙන සන්තෝෂය ?
මොනම මැතිවරණයක් උනත් නියමිත වෙලාවට තියන්නේ නැති එක වැරදි දෙයක්. හැබැයි මේකෙන් හොදින්ම තේරෙනවා පළාත් සභා කියන්නේ සම්පූර්ණ බොරුවක්. ලංකාවට ගැලපෙන්නේ නැහැ වගේම කිසිම වැඩක් නැහැ. නිකම් සල්ලි නාස්තියක් විතරයි. තවත් හොරු රැලක් ජනතාව නඩත්තු කරනවා. පළාත් සභා අහෝසි කරන්න ඕනේ.. ඔය විදියටම පාර්ලිමේන්තුවෙන් පත් කරන ආණ්ඩුකාරයෙක් යටතේ පාලනය උනානම් හරි. පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ නියෝජිතයන්නම් ඔවුන් පත් කරන ආණ්ඩුකාරවරයා මගින් පලත්සභා පාලනේ උනාට මොකද.. එකෙන් මුදල් නාස්තියත් , අනවශ්‍ය ප්‍රශ්නත් නැති වෙනවා.
පළාත්සභාව වෙනුවෙන් අපේ බදු මුදල් නාස්ති කරන එක වහාම නතර කරන්න
පළාත් සභා ක්‍රමය වහාම අහෝසි කලයුතුයි. මේක මහජන මුදල් නාස්ති කරන කූට ව්‍යාපාරයක්.
පළාත් සභා අහෝසි කරමු
කරුණාකර පළාත් සභා අවශ්‍යද නැද්ද කියල ජනතාවගේ මතය දැනගන්න ජනමත විචාරණයක් පවත්වන්න .