(නිමල කොඩිතුවක්කු)

විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම්  සමඟ ඒකාබද්ධ වී ජනතාවගේ සර්වජන ඡන්දබලය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ගත හැකි සියලුම පියවර ගන්නා බව නිදහස ජනතා සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා කොළඹදී පැවසීය.

පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ශේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

2023 වසරේ මාර්තු වන විට පළාත් පාලන ආයතන 340 ම ස්ථාපිත කර අවසන් කළ යුතු බැවින්  ඒ සඳහා රජය සහ මැතිවරණ කොමිසම අවශ්‍ය ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ගත යුතුව ඇතැයි ද නිදහස ජනතා සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.