
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්ෂාව සදහා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියකු රුපියල් කෝටි දෙකක් වටිනා රන් බිස්කට් තොගයක් තම සිරුරෙහි සඟවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කරද්දී අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ කියයි.
මොහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංච් 37 හැවිරිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 17 වසරක් සේවයේ නිරත කෝප්‍රල්වරයෙකි.
සැකකරු අද අලුයම 02.00 ට පමණ ග්‍රෑම් 550 ක් බරැති රන් බිස්කට් 40 ක් තම ඉන ප්‍රදේශයේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පිට වී යාමට තැත් කිරීමේදී , මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මේ වනවිට ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි මට්ටම බොහොම දුර්වල නිසා, නේ අහුවෙලා තියෙන්නේ.