(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් අද (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය .
අද රාත්‍රී 10.00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර පසුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි .
ඉන්පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම මුර සංචාරක භට පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබී අඩි 06 ක් පමණ දිග පී.වී.සී.බටයක් තුළ අටවා සකස් කර තිබූ බෝම්බයක් අනාවරණය කරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .
පසුව ගුවන් තොටුපළ ඉදිරිපිට මාර්ගය වසා දමා මෙම බෝම්බය රාත්‍රී 11.10 ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කරනු ලැබීණ.
මෙම අවස්ථාව වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීය සංචාරය නිමවා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ආසන්නව තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි සංහිඳියාව දෝරේ ගලනවා කියන්නේ..
මේවා එක්තරා රටක සිදුවූ දේට එකට එක කිරීමක්දෝ කියලත් හිතෙනවා. කොහොම නමුත් ලත් තැන ලොප් කළ යුතුමයි.
ඔය කාලකන්නියත් එක්කම ඔක පුපුරන්න තිබ්බේ... කරපු හෙන ගහන වැඩේට...
පොලිසිය ඉදිරිපිට බෑගයක් තියලා යනකම් දන්නෙ නැහැ අඩි හයක් දිග බටයක් තියලා යනකම් මොකද කලේ? මෙයාලා හිටියා නම් එල්.ටි.ටි.ඊ කාලෙ සිදුවෙන්නෙ මොකක්ද? ජාතික ආරක්ෂාවට මොකද වුනේ ..?
මීට වඩා රටක යුද්ධයක් නැති වුණත් ආරක්ෂක අංශයට එක එක වැඩවල යොදවන්නේ නැතිව රටේ ආරක්ෂාව සඳහා පමණක් යෙදවිය යුතුයි. නැවත මේ රටේ නැතිවුණු පරික්ෂා කිරිම්, විමසිලිමත් බව, වටිනා ස්ථානවල ආරක්ෂාව තරකිරීම... ප්‍රධාන මාර්ගවල පරීක්ෂා කිරිම් සිදුකළ යුතුයි. ප්රභූඅයට දෙන ආරක්ෂාවට වඩා මේ රටේ පොදු දේ ගැන සිතිය යුතුයි.
360° ආවරණය කරන සීසීටීවී කැමරා තිබිලත් හැමතැනම ආරක්ෂක භටයෝ ඉඳලත් අඩි 6 ක් දිග එස්ලෝන් බටයක් දාල යනව දැක්කෙ නැති එක පුදුමයි