(නිමන්ති රණසිංහ)
හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට යාමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(03) අවසර ලබාදුන්නේය.
වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා ඔක්තෝබර 9 සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමටඅවසර ඉල්ලා 01 වැනිදා අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.
ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවෙන් ගෝඨාභය මහතාට විදෙස් ගමන් තහනම් කර තිබිණි.
මෙම නඩුව අද(03) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම අවසරය ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලබා නැවත පැමිණෙන්න මැතිඳුනි. ඔබ එනතුරු මේ රටේ වහල් බයියන් නොකා නොබී වැලපෙමින් බලා සිටීවි.
තාත්තගේ නමින් කෞතුකාගාර හදපු නඩුව 14 වැනිදා තිබෙනවා. 12 වැනිදා එන්න... නැතුව එහෙ ඉඳලා වෛද්‍ය වාර්තා ඒවිද දන්නේ නැහැ.
මේ වගේ වියපත් හදවත් රෝගියෙක් රටක නායකත්වයට සුදුසුද? අැයි ශෂීන්ද්‍ර වගේ තරුණ නායකත්වයකට ඉඩ නොදෙන්නේ?
මෙහිදී මතුවෙන වැදගත්ම කරුණ තමා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ගැන රටේ හිටපු, ඉන්නා දේශපාලකයින්ටවත් විශ්වාසයක් නැතිකමයි. කොයිවෙලේ වර්ජනද දන්නේ නැහැ... වගකිව යුත්තෝ කවුරුන්ද?
ඇත්තටම බැලුවොත් පොහොට්ටුවට ඉදිරිපත් කරන්න ඉන්න දුර්වලම අපේක්ෂකයා ගොඨාභය. ඔහුට සුළු ජාතික ඡන්ද දිනාගන්න නොහැකි වීම පමණක් නොවේ සෞඛ්‍ය තත්වය අතිනුත් දුර්වලයි. පිරිසක් සමග සාමුහිකව වැඩ කිරීම අතිනුත්, අන්‍යයන්ට ඇහුම්කන්දීම අතිනුත්, ප්‍රකාශකයෙක් වශයෙනුත් ඔහුගේ දුර්වලකම් දැන් හැමෝටම පේන්න තියෙනවා.
මිනීමැරුම් දඬුවම් විඳින අධීක්ෂණ මන්ත්‍රීව නිදහස් කරලා නැවත එවැනි තනතුරක් දෙනවා නේද? පුළුවන් නම් ප්‍රසිද්ධියේ නැහැ කියන්න.
වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා නම් යන්නේ, අවසර ලැබිය යුතුනේ...
ලංකාවෙන් බෙහෙත් ටිකක් ගන්නවත් බැරි අය ලංකාවේ නායක වෙන්න හදන්නේ... ඇමෙරිකාවේම හිටියා නම් ඉවරයිනේ. අපේ වහල්ලුන්ටත් මේවා පේන්නේ නෑ.
මං අද කිව්වා කියලා හිතාගන්න.. ගෝඨාභය කවදාවත් මේ රටේ ජනාධිපති වෙන්නේ නැත.
තවමත් ගෝඨාට මුළු රටම බයයි.
රට ගොස් ප්‍රතිකාර ගැනීමට මෙතරම් මුදල් කන්දරාවක් ලබා ගත්තේ කෙසේද? ෆොන්සේකා මහත්තය කිව්වා ආරක්ෂක ලේකම්ගේ පඩිය ලක්ෂයකට අඩුයි කියලා එක සාකච්ඡාවක. එක සැරයක් මාස 3ක් පමණ සිංගප්පූරුවේ ඉස්පිරිතාලේ හිටයා. මේ වගේ සල්ලි ඔවුන්ට ලැබුනේ කෙසේද? අපේ රටේ ජනාධිපතිකමට පත්කරන්නේ මේ වගේ අයද? අපි ලැජ්ජා වෙන්න ඕනේ මේ ගැන...
බෙහෙත් ගන්න යන්නේ සිංගප්පූරුවට.. අවුරුදු 10ක් බලේ සිටියත් රටේ සෞඛ්‍යය හරියට හදලා නෑ. රටේ දොස්තරලා ගැන විශ්වාසයක් නෑ. තව දුන්නත් ඔච්චරයි.. මේ වගේ අයියලා එක්ක දේශිය ආර්ථිකය හදනවා කියන්නේ බොරුවක්.
මොන ගමන් බලපත්රයේද යන්නේ...?
ඇයි සුළු ජාතික ඡන්ද රාජපක්ෂලාට නැත්තේ? ඇයි මෙතුමාට දෙමළ සංධානය අකමැති? මෙතුමා ඇමරිකාවට වෙලා හිටියා නම් දැන් ලංකාව කොහොම තියෙයිද? දැක්කම ලැජ්ජා හිතෙනවා... උඩ තියෙන සිංහල ජාතිකයින්ගේ අදහස්...
රටක්, ජාතියක්, ජන්මයක්, ආගමක් නැති මෝඩ සිංහලයන්ගේ අදහස් බොහොමයක් ඔය විදිය තමා.
ඇමරිකා ඇමරිකා... ඇමරිකාව වත් ඇවිල්ලා මේක යටත් කරගන්නේ නෑනේ...
දොස්තරලා මෙයා රජ කරවන්න වර්ජනය කරනවා. මෙයා බෙහෙත් ගන්න පිටරට යනවා. අනේද කියන්නේ?