(මනෝප්‍රිය ගුණසේකර)

පසුගිය අරගල සමයේදී හිටපු මැති ඇමතිවරුන්ගේ නිවෙස් වලට පහරදීම් වලින් සිදුවූ අලාභ වලට වන්දි ගෙවීමේදී අක්‍රමිකතාවයන් සිදුවී ඇතැයි සඳහන් කරමින් ඒ පිලිබඳ සොයා බලා සුදුසු පියවර ගන්න්නැයි ඉල්ලා නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු  ශයෙන් නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ මේනකා විජේසුන්දර ජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එසේ නියෝග කරනු ලැබීය.

පරිසර නීතිය පිළිබඳ විශේෂඥවරයකු වන ආචාර්ය නීතිඥ රවින්දනාත් දාබරේ මහතා ගොනුකොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසන් නම් කර ඇත.

පසුගිය අරගල සමයේ හිටපු මැති ඇමතිවරුන්ගේ ගෙවල් වලට හානි කරන ලදැයි කියන සිද්ධි සම්බන්ධයෙන් වන්දි ලබාදුන් ආකාරය නීතියට පටහැනි සහ විනිවිද භාවයකින් තොර බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද වැරදි  සහගත ලෙස වන්දි  ලබාදී ඇත්නම් එලෙස ලබාගත් වන්දි මුදල් යළි අයකර ගන්නා ලෙසද ඊට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ද ඉල්ලා නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම ගොනු කර ඇත.