(දිල්රුක්ෂි ග්‍රේරු සහ ටී.කේ.ජී.කපිල)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසු අද(12) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදි ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබිණි. මෙම අවස්ථාවට විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහු පිරිසක් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල සිට පැමිණ සිටි විශාල ජනතාවක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
පැමිණ සිටි පිරිස හේතුවෙන් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ මෙන්ම පර්යන්ත ගොඩනැගිල්ලේ මාර්ගයේ ද විශාල තදබදයක් ඇති වී තිබිණි. ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යාමට නොහැකිව රාජපක්ෂ මහතාට මද වේලාවක එහි රැදී සිටීමට ද සිදු විය. තත්වය පාලනය කිරීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීහු, ඇමති ආරක්ෂක නිලධාරීහු සහ ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීහු කටයුතු කළහ.
තමාට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයේ පවරා ඇති නඩුව, ලංකා ආණ්ඩුව සහ ඔවුන්ට හිතවත් මාධ්‍ය විසින් ගොතන ලද බොරුවක් බව හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් මාධ්‍ය ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ කීය.
“ මම ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාළය තුළ, එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් මට භාර දුන්නේ නැහැ. ඇමෙරිකා එක්සත් ජනපද රජය පවා මට එරෙහිව මේ ආකාරයට කටයුතු කරන්නේ නැහැ.
පසුගිය වසර හතර හමාරක කාළය තුළ තාඩන, පීඩන, මඩ ගැසීම්, අවලාදවලට මුහුණ දුන්නා සේ, රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි මාස කීපය තුළදීත් මම ඒවාට මුහුණ දීමට සූදානම්. මේ සියලු සතුරු බලවේග වලට ඉහළින් මගේ දෛවය පවතිනවා.”
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්ධුල ගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු,රංජිත් සොයිසා, හිටපු අග්‍ර විනිසුරු සරත් සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
(ඡායාරූප - ටී.කේ.ජී.කපිල)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා චිරං ජයතු. කෝ ජාතිද්‍රෝහියෝ ?
1987 අංක 45 දරණ පනතෙන් සංශෝධිත පුරවැසි පනතෙහි 2(7) අනු වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කර ඇති තැනැත්තකුගේ, එනම්, වෙනත් රටක පුරවැසිභාවය දරමින් සිටින අතරතුර ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඉල්ලුම් කර ලබා ගත් තැනැත්තකුගේ පුරවැසිභාවය අහෝසි කිරීමට විෂය භාර අමාත්‍යවරයාට බලය ඇත. අමාත්‍යවරයා සතු මෙම බලය ශ්‍රී ලංකාවේ උපත ලබා ස්වාභාවිකවම ශ්‍රී ලංකාවේ පුරවැසියකු බවට පත්වූ පුද්ගලයෙකු විෂයෙහි බල නොපවත්වයි. පුරවැසි (සංශෝධිත පනතෙහි 2(7) අනු වගන්තිය මෙසේ කියයි: "අනු වගන්ති (2) හෝ (3) යටතේ කරන ලද ප්රකාශනයක් කිසියම් පුද්ගලයෙකු අරභයා කර ඇත්ද, එම පුද්ගලයා තවදුරටත් ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභයක් නොවන ආකාරයක චර්යාවක යෙදෙයි නම්, එකී ප්රකාශනය ඕනෑම අවස්ථාවක අහෝසි කිරීම අමාත්‍යවටයා විසින් කළ හැක්කේය.
ආවත් එකයි .. නාවත් එකයි .... පුරවැසිභාවයක් තිබුණත් එකයි නැතත් එකයි .!!! මේක තමයි අපි මේ සැරේ අලුත් අවුරුද්දට ගහන රබන් පදය ..
අපරාදේ මං බලාගෙන හිටියේ ඇමරිකාව දඩුවම් කියල.
මොකද ඉක්මනට ආවේ අවුරුදු කන්නවත්ද? දන්නේ නැති නිසා ඇහුවේ.
දෙවි පිහිටයි ...
එතුමා ට හා රටට ජය වෙවා !!!!!!!!
රටට හතුරු අයට දුක්මුසු පුවතක්. මිතුරු අයට සතුටු පුවතක්.
හික්ස්! කෝ මේ ගෝඨා විරෝධි නඩේ?
මේ ක තමයි රටේ පැතුම....
අනේ නිකන් ඉන්න ... විමලාවතී අක්කේ ... ඔයයි ... ඔයා දන්නා පිට්ටුබම්බුවයි ..!
දැන් ඉතින් අගට ගුණයි ඇමරිකාව මගෑරලා ඉන්න එක නඩු 2ක්ම තියන එකේ , මෙහෙ වගේ නඩුකාරයෝ සල්ලිවලට ගන්ණත් බැහැනේ
මෙහෙන් නඩු දානකොට අත්අඩංගුවට ගන්න එපෝ කියල අඬනවා. එහෙන් නඩු දානකොට ඉක්මනට මෙහෙට පනිනවා. මෙහෙමත් කපටියෝ. වැරද්දක් කරලා නැත්නම් මොකද බයේ දුවන්නේ?
ලක් මාතාවගේ දරුවෝ ඔබතුමා සාදරයෙන් පිළිගනී. රට ගොඩ ගැනීමට අපි කවුරුත් සහයෝගය දීමට අදිටන් කරමු. ඔබතුමාට සහ රටට ජයවේවා.
දුමින්ද සිල්වාගේ නාඩි වැඩකරන්න පටන් ගන්න ඇති දැන්. අපේ කෙසේ වෙතත් ඔහුගේ එකම බලාපොරොත්තුව!
මොහු හීන මවනවා ජනපති අපේක්ෂක ඔහු කියා. පක්ෂයෙන් තීරණය කලාද? ඇමරිකාවේ නඩු වැඩක් නැහැ. ලංකාවේ තිබෙන නඩු ටික ඇති බෙල්ලටම හිරවෙන්න ..
ඔහුට විරුද්දව බොහෝ චෝදනා ගොනුකර ඇති නමුත් වසර 5 ආසන්න වෙලත් සනාථ කරගැනීමට නොහැකිව දගලන අයට වඩා ඔහු වෙනුවෙන් ජයගෝෂා නගමින් පෙරමුණ ගන්නා ජන ගංගාව ඉදිරියටම ඇදෙනු ඇත.
ජය වේවා මැතිදුණි
මේ අඳුරු වලා අතරේ අපිට රිදී සේයාවක ලකුණු පෙනෙන බව පසක් වෙයි. ඔබට ජනතාවගේ සම්පුර්ණ සහයෝගය අපේ මව්බිම බේරගන්න.
දේශපාලකයෙක් නොවන දක්ෂ රාජ්‍ය නිලධාරියෙක් නිසා මෙතුමා රටට අරමුණක් ඇතුව වැඩ කරයි කියලා රටේ බහුතරයක් මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවා . ඉවසීමෙන් බලාගෙන ඉමු
මම ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාළය තුළ, එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් මට භාර දුන්නේ නැහැ. ඇමෙරිකා එක්සත් ජනපද රජය පවා මට එරෙහිව මේ ආකාරයට කටයුතු කරන්නේ නැහැ. මොන බොරුද ජාත්‍යන්තර සත්‍යයේ සහ සාධාරණත්වයේ ව්‍යාපෘතිය කියන ආයතනය කැලිෆෝනියාවේ ‘පැසඩීනා’ ප්‍රදේශයේ පිහිටි ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණයේ රථ ගාලේ දී නීත්‍යාණුකූලව ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි බර දුන් අන්දම අන්තර්ජාලයේ බලාගන්න පුළුවන් , කාව අන්දන්නද බොරු කියන්නේ
මේ කාරණාවම තමා මම මෙයට ඉස්සර වෙලත් කියුවෙ, අපෙ ලංකාවෙ ජනතාව, කියපු ගමන් ඕනම බොරුවක් ඉස්මුදුනින්ම පිලිගන්නවා කියල,හරි වරද සොයා බලන සිරිතක් නොමැත, මෙය හරිම අවාසනාවන්ත තත්වයක්.
මේ රට දුර්දාන්ත පාලනයෙන් මුදා රට සෞභාග්‍යමත් කිරිමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා
ඔන්න එහෙනම් හෙට ඉඳල සංදර්ශන සංවිධානය කරන්නේ කොහොමද ඒවා නිසි ආකාරයට ප්‍රචාරය කරමින් මහ ජනතාවගේ ඉහ මොල සෝදන්නේ කොහොමද කියල කාට කාටත් ඉගෙන ගන්න ඇහැකි වේවි.
ලංකාවෙනම් සිතාසි ගෙනත් බර දෙන්නේ පොලිසිය. ඇමරිකාවේ පැමිණිල්ල විසින් විත්තිකරුට සිතාසි බාර දෙන්න පුලුවන්ද ?
කෝ අර බමුණු ?
ගෝඨාභය නියත වශයෙන්ම ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන බව පැහැදිලිය. ඔහුට ඇමෙරිකාවේදී නඩු දෙකකක් සඳහා සිතාසි භාරදීම විහිළුවක් ලෙස හුවා දැක්වීමට ඔහුගේ පාර්ශ්වය දැන් විශාල උත්සාහයක් ගන්නා බව පෙනේ. නමුත් එය එසේ විය හැකිද? එවන් එක් නඩුවක් පවරා ඇති සංවිධානය දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සමග එකට නිදහස සඳහා සටන් කළ ලෝක ප්‍රකට නීතිවේදිනියක වන යස්මින් සූකාගේ විධායක අධ්යක්ෂකත්වයෙන් පවත්වාගෙන යන එකකි. සූකා යනු ජාත්‍යන්තර යුද අපරාධ නීතිය පිළිබඳ අද ලොව සිටින විශේෂඥ නීතිවේදිනියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් අයෙකි.ගෝඨාභයට සිතාසි බාරදීමට පෙර ඔහුගේ ගමන් බිමන් පිළිබඳව සොයා බැලීමට නඩුව බාරගෙන ඇති නීතිඥ සමාගම පුද්ගලික රහස් පරීක්ෂක සමාගමක සහාය ලබා ගත් බවත් ඔවුන් ඔහුගේ අතටම සිතාසි බාර දුන් බවත් ඒ සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් තෝරාගෙන ඇත්තේ ගෝඨාභය සිතාසිය බාර ගත් බවට සීසීටීවී රැසක සාක්ෂි සටහන් වනනිසා බවත් කියයි. මෙහි එක නඩුවක් විභාග කර තීන්දුවක් දුන් එකක් නිසා නැවත සාක්කි කැඳවීමට අනවශ්‍ය දියයුතු දඬුවම තින්දුකල යුතු එකකි. ආපසු පැමිණි ගෝඨාභය මොන මොනවා ප්‍රචාරය කර ගත්තත් ඇමෙරිකාවේ නඩු වල තත්වය නම් වෙනස් වෙන්නේ නැත.
කට්ටිය හිතෙතියාගෙන හිටියේ ගෝඨාභය මහතාව හිරකොරාලා කෙලින්ම විදුලි පුටුවෙ තියයි කියලා .....
ලංකාව හා අමෙරිකාව කියන්නෙ රටවල් 2ක් වගේම නීති වෙනස් බව ඔබට පැහැදිලි කිරීමට කැමැත්තෙමු.
බොරු කරන්නේ කවුද කියලා ඕනෑම කෙනෙක් දන්නවා.
කව්ද හලෝ ඇමති කමක් බාර දුන්නේ? තාම ඇමතිකම හිඟනවා. එයාට ඇමතිකමක් දෙන්න කියලා ප්‍රසිද්දියේ කියලා. අනික්පැත්තෙන් කියනවා දෙන්න එපා කියලා. ඒකතාව එහෙමයි සිද්ද වෙන්නේ.
ෆොටෝ ටික හොඳින් බලන්න කවුද ගෝඨාභය එක්ක ඉන්නේ කියලා. පරණ හොර ගෙඩි ටික නේද?
කවුරුවත් නඩුවක් දැම්මත්... ඒක පුරවැසිකම අයින් කරගන්න බාධාවක් වෙයි කියා සිතිය යුතු නැහැ. පුරවැසිකම අයින් කළාට ඇමෙරිකාවේ වීසා නැති වෙන්නේ නැහැ... අවුරුදු 10 රෙසිඩන්ස් කාඩ් එකක් දෙනවා. වාසය කරන්න, යන්න එන්න, රැකියා කරන්න ඕන දෙයක් පුළුවන්. ඡන්දය සහ පාස්පෝට් එක පමණයි අහිමි වෙන්නේ... ඕනෑ නම් යම් කාලෙකට පුරවැසිකම අත්හිටුවා ගන්නත් පුළුවන්... එහෙම කළත් ලංකාවේ නීතියට ගැලපෙනවා...
බිෂාන් දැනුවත් කිරීම ගැන ස්තුතියි.. අපි ඉතින් ගමේ ගොඩේ මිනිස්සුනේ නොදන්නා කමට ලියුවේ..
"අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව ලියවිල්ලක් මට භාර දුන්නේ නැහැ" කියලා මෙතන වාර්තා කර තිබුණත් රූපවාහිනි වාර්තාවල අපි දුටුවා ගෝඨාභය මහතා කියනවා "එවැනි ලියවිලි වගයක් තමන්ට බාරදුන් බවත් ඒවා පිළිබඳව ඇමෙරිකාවේ නීතිඥයින් විසින් අවශ්‍ය කටයුතු කිරීමට උපදෙස් දුන්" බවත්... ද්විත්ව පුරවැසි භාවය ගැන ඒ මහතා කිව්වේ "ඇමෙරිකානු පුරවැසි භාවය ඉල්ලා අස්කර ගැනීම සාර්ථකවූ" බවයි. එවැනි කටයුත්තක් සති දෙකතුනක් ඇතුළත කරගන්නට හැකිවේද කියන එකත් ප්‍රශ්නයක්... ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් ඒ මහතාට ද්විත්ව පුරවැසි භාවය ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමත් සමඟය. එවන් ද්විත්ව පුරවැසි භාවයක් අවලංගු කිරීමට විෂය භාර අමාත්‍යවරයාට බලය තිබෙන බවද දැන් කියැවෙයි. දැනට වජිර අබේගුණවර්ධන මහතාට හිමි එම අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙන ලෙසට ආණ්ඩුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවටද වාර්තා වෙයි. ජනාධිපතිවරණය සඳහා සිරිසේන මහතාට ගෝඨාභය මහතාගෙන් අභියෝගයක් එල්ල වුවහොත් තැටිය නැවත වතාවක් කරවෙන්නට බැරි නැත. මේවාට තමයි " අන්තෝ ජටා බහි ජටා" කියලයි කියන්නේ...
මාර වැඩේ ඝෝඨාභය ආවා විතරයි. මෙතන කමෙන්ට්ස් වලට පිළිතුරු දීමත් නැවතිලා. තිබෙන බය ගැන හිතාගන්න පුළුවනි.
අපිට ඔය " රාජපක්ෂ පවුල් බලය " කියන්නේ... කළුවරේ වැටුණු වල...! එ්ත් අද හොඳට ඇස් පෙනෙන්න මේ දවල්කාලයේ තව සැරයක් ඕකට පනින්න තරම් අසනීපයක් නැහැ...!!!
බලන්න එපායැ.. අප්පා !!! පහුගිය දවස්වල ආණ්ඩුව ජනතාව පීඩාවට පත්කරන අණ පනත් ගෙනෙන විට මොකුත් නොකියා ගුහාවට වැදිලා හිටපු සමහරක් දැන් චූන් වෙලා තියෙන හැටි..!!
පෙර කිසි අවස්තාවක නැතුව මේ වතාවේදී මෙතන සර්ව ආගමික ආශීර්වාද කෙරුන බවක් කවුරුවත් කියන්නේ නැහැනේ. සිංහලයාට එකක් අනිත් අයට තව එකක් වත් කරන්නද හිතාගෙන ඉන්නේ?
මොනවා උනත් රනිල්ටවත් ඒ පැත්තේ කාටවක්වත් ආයෙත් ළඟකදිනම් බලේට ඒම බොරු !
ගෝඨාභය මහත්තයාට නිකං බනින්න එපා. රටක් වටිනා දුමින්ද සිල්වාව ජයවර්ධනපුර ඉස්පිරිතාලේ හංගගෙන බේරාගත්ත එකම කොච්චර ලොකු සේවයක්ද?
පනින්න එපා බෙල්ලෙන් අල්ලලා තල්ලු කරන්නම්... මෙයා කියනකම් තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ ඡන්දෙ දෙන්න...
කඩේ යන අය දැන්දැන් වැඩිවේවි !!!
මොන මෝඩයද කියන්නේ මේ විදියට? වටකරගෙන අහනකොට... ඔව් මට සිතාසි ලැබුණා කියලා නාමල් බේබිගේ කටින් ඇත්ත ලඟදීම එළිවෙයි. එයාපෝට් එකෙත් තදබදයක්ලු. ගෝඨා අාවා කියලා.. අනේ මෙහෙමත් මිනිස්සු... ගෝල්ෆේස් එක දැක්කම ඉස්සර පිටිසර උදවිය බස් එකේ යනකොට නැගිටලා වඳිනවලු.. ඒ පරපුර තමයි මේ මෙතන ඉන්නේ.. මේ වගේ කට්ටිය ඉන්නකොට රට පස්සට යන්නේ... තව ඉස්සරහට තමයි පන්සල්, කෝවිල්, බිසී වෙන්නේ... ගෝඨාව අත්අඩංගුවට ගන්න එපා කියලා බෝධිපූජා පොල් ගහන්නේ. හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන්. දිගටම...
ජය වේවා
රාජපක්ෂ මහතා පිළිබඳව පොදුවේ මහජනතාව අතර ඇති උනන්දුවේ තරම මෙම ප්‍රවුර්තිය සඳහා වැටි ඇති අදහස් දැක්වීම් ගණනින් පෙනීයයි. එම අදහස් දැක්වීම් සමාජයේ විවිධ පැතිකඩ වලට අයත් පුද්ගලයින් නියෝජනය නොවුනත්, ඔහු ගැන එවැනි උනන්දුවක් නිර්මාණය වීම ඔහුට ගජ වාසියකි.
කොහොමද ප්‍රභූ පර්යන්තයට මෙහෙම සෙනග ආවේ?
මොන ආගම ඇදහුවත්, මොන ජාතියට අයිති උනත්, මොන රටේ පුරවැසියෙක් උනත් අපරාධයකට දඬුවම් කොහෙන් හරි ලැබෙයි. ඒක මනු නීතිය.
ඔබ තමයි මිනිසා හැමදේම කල හැකි. ජය වේවා
එක ලෝක නීතිය. සහතික ඇත්ත ඒ බව අපි ඇස්දෙකෙන් දැක්ක.
ඔය මොන අඩව්, කස්තිරම්, කරනම් ගැහැව්වත් අපි රාජපක්ෂලාට නැවත ඡන්දයක් දෙන්නේ නැහැ. 2015 දී අපි එයාලගෙන් සමුගත්තා මතකයි. ඒ ඇයි කියලත් හොඳට මතකයි. ආයේ සැරයක්නම් එපා එපා!!!
සේනාවේ ලොක්කා ඇතුලට ගියාට පසුව බමුණට අන්‍ය ජාතිකයන්ට හිරිහැර කරන්න අවස්ථාව අහිමි වෙලා වෙන වැඩක් නොමැතිව දැන් මේකට රිංගලා කොමන්ට් වලින් පිටුව පුරවනවා ..
දැන් ගෝටා රට ගිහින් අවේ මේ පාර විතරද මේ තරම් දගලන්නේ
ගෝඨාභය ආපසු එයි ආපහු යයි දවසත් වැඩි ඈතක නැහැ හොදේ. අනික කොහොමද මෙහෙම කෙනෙක් ආරක්ෂක ලේකම් වුනේ ? ඒකට නඩු දාන්නේ නැද්ද
එන්න එපා මහින්දත් එක්ක ඡන්දෙ ඉල්ලගෙන
ඔහු සැබෑ දක්ෂයෙක්. ඔහු කරලා පෙන්නුවා. ඒකයි ජනතාව ඒ ගැන උනන්දු.
අපිට ඕනේ කරලා තියෙන්නේ නව නායකයෙක්, රට සහ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන පුළුවන්, විශේෂයෙන්ම කියන්න ඕනේ දැනට හිටපු කිසිම නායකයෙක්ගෙන් මිනිස්සු බලාපොරොත්තු වුන දේ ලැබුනේ නැහැ. එහෙම වුනානම් ටිකක් හරි වුනේ යුද්දේ ඉවර කරපු එක. ඒක අපි පිළිගන්න ඕනේ... නමුත් එතනින් එහාට මිනුස්සු බලාපොරොත්තු වුන විදියට රට ඉදිරියට ගියේ නැහැ.. ඒ නිසා දැනට රට පාලනය කරපු කිසිම කෙනෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ මේ වෙනස... රටේ දැනට ජනාධිපති හෝ අගමැති නොවුන කෙනෙක් පත් කරන්න ඕනේ..
ඇමරිකාවේ සිපිරි ගෙවල් මොහුට සුපිරියි .
මේකෙ දාලා තියෙන සමහර අදහස් වලින්ම පේනවා ගෝටාබය මහත්තයට තියෙන බය.