(නිමන්ති රණසිංහ)
ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථා පරිශ‍්‍රය තුළට අයුතු ඇතුළු ව පුද්ගලයකුට පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිතිපති උපදෙස් ප‍්‍රකාරව එම සිද්ධියෙන් නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) නියෝග කළාය.
තවදුරටත් නිති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවට සදහන් කරමින් නිතිපතිවරයා තමන් වෙත උපදෙස් ලබා දී තිබූ බැවින් මෙම සැකකරු එම සිද්ධියෙන් නිදහස් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුනේ කොළඹ නාගරික මන්තී‍්‍ර කුලතිස්ස දීගනගේ මහතා විසිනි.
ඛනිජ තෙල් සංස්ථා පරීශ‍්‍රය තුළ ඉකුත් 2018 වසරේ ඔක්තෝම්බර් මස 28 වැනිදා පෙරවරුවේ දී සිදුවූ එම සිදුවීමෙන් පුද්ගලයකු මියගොස් දෙදෙනකු තුවාල ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ! ජහ පාලනේ නැගල යනවා!
ප්රජාතන්ත්රවාදය ඉතිරි බෙරී වැක්කෙරෙනවා...