(ඉන්දිකා රාමනායක)
කොළඹ ප්‍රදේශයේ පිපිරුම් සඳහා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව කියන වෑන් රථයක් හා මෝටර් රථයක් දෙමටගොඩ දී හා වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෑන් රථය වැල්ලවත්ත රාම කි‍්‍රෂ්ණ පාරේ දී ද, මෝටර් රථය දෙමටගොඩ මහවිල උද්‍යානය පිපිරුම සිදු වූ නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
වැල්ලවත්ත රාමකි‍්‍රෂ්ණ පාරේ වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි රියදුරු ද සමඟ බව පොලිසිය කියයි.
මෝටර් රථය අද පිපිරීම සිදු වූ මහල් නිවස ඉදිරිපිට නවතා තිබීයදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර එහි ෂැන්ග්‍රිලා හෝටලයෙන් මිල දී ගත් වතුර බෝතලයක් ද තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ... අපගේ උපරිම .. ගරුත්වය .
සිනමන් ග්‍රෑන්ඩ් එකෙන් හම්බ වෙන වතුර බෝතලයක් වීඩියෝ දර්ශන වල දැක්කේ.