
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ පෙරේදා දිනයේදී වාර්තා වූ ඩෙල්ටා රෝගීන් අතර එකොළොස් දෙනෙකු කොළඹ නගර සීමාවේ අය බවට තහවුරු වුණු බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා මහතා පවසයි .
කොළඹ ඛෙත්තාරාම වැඩ බිමකින් ඩෙල්ටා රෝගීන් පස් දෙනකු ද දෙමටගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකුද උතුරු කොළඹ ප්‍රදේශයෙන් තවත් දෙදෙනෙකුද වශයෙන් මෙම පිරිස වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කළේය.
එම රෝගීන් සියලු දෙනා හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර ඇතැයි පැවසූ හෙතෙම රෝගය පැතිර යෑම වැළැක්වීමට අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද සඳහන් කළේය.
එක් රෝගියෙක් හමුවූ පසු ඒ ආශ්‍රිතව තවත් රෝගීන් දස දෙනකු පමණ සිටිය හැකි බවත් මේ අනුව කොළඹ හා මන්නාරම ප්‍රදේශවල අනිවාර්යෙන්ම ආසාදිතයන් සිටින බවත් හෙතෙම පැවසුවේය .
ඒ තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීවේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව එපා... දවසකට මදුරුවෝ ලේ ලීටර කීයක් බොනවද? කී දෙනෙක් මැරෙනවද? කෝ විසඳුම්..? කොයිල් කම්පැණි වලට රට බාරදීලා ඩෙල්ටා හොයනවා...
ගෘහස්ථ සතුන් එළහරක්, එළුවන්, කුකුළන්, ඌරන් වගේ සත්තු ගැන පරීක්ෂණයක් කරලා කියන්න කොරෝනා තියෙනවද? නැද්ද? කියලා... ස්තුතියි.!!