
(රන්ජන් කටුගම්පොල)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මේ පෙස්සම සලකා බැලීණ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ මෙම තීන්දුව පිටු විස්සකින් සමන්විත බවයි.
අදාල නඩු තීන්දුවේ තෝරා ගත් කොටස් කිහිපයක් පමණක් විවෘත අධිකරණයේ කියැවූ සභාපති විනිසුරුවරයා මෙම තීන්දුව සකස් කිරීම සඳහා තමන් උපරිමාධිකරණ නඩු තීන්දු දෙකක් පාදක කරගත් බව සඳහන් කළේය.
එම තීන්දුවලට අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින සහන ලබා ගැනීමට විකල්ප අධිකරණමය ක්‍රියාමාර්ග තිබියදී පෙත්සම්කරුවන්ට මෙවැනි සහන අපේක්ෂා කළ නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළේය.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මහේස්ත්‍රාත්වරයා ඇතුළු පහළ අධිකරණවලට පුළුල් බලයක් පවතින බවත් ඒ අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින සහන ලබා ගැනීමට විකල්ප නීතිමය ප්‍රතිකර්ම තිබෙන අතර පහල අධිකරණවල කටයුතුවලට මැදිහත්වීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවත් සභාපති විනිසුරුවරයා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd