
(අංජුල මහික වීරරත්න)
සබරගමුව පළාත් සභා සංකීර්ණයේ ඉඩකඩ පුළුල් කිරීම සඳහා යාබද ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2003 වර්ෂයේදී ඉදි කරනු ලැබ ඇති සබරගමුව පළාත් සහා සංකීර්ණයේ ප්‍රධාන ලේකම් කාර්යාලය, සභා ගර්භය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාල 5 ක්, සංවර්ධන සහ පරිපාලන කටයුතු ක්‍රියාත්මක කරනු ලබන විෂයභාර අමාත්‍යාංශ 5 ක් පවත්වා ගෙන යනු ලැබේ. ඊට අමතරව, එක් එක් විෂය භාර අමාත්‍යාංශ යටතේ ස්ථාපිත දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ අංශ 36 ක් එහි ස්ථානගත කර ඇති අතර, 950කට අධික කාර්ය මණ්ඩලයක් එකී සංකීර්ණයේ රාජකාරියේ නිරතව සිටී. මේ වන විට සේවක සංඛ්‍යාව සහ ආයතනවල විවිධ අංශ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළයාම මත එම සංකීර්ණයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විවිධ අපහසුතා මධ්‍යයේ සේවා පවත්වාගෙන යාමට සිදුව ඇත. ඒ අනුව, ප්‍රමාණවත් ඉඩ පහසුකම් සපයා ගැනීමට හැකි වන පරිදි, පළාත් සභා අරමුදල් යොදා ගනිමින්, රුපියල් මිලියන 196.8 ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ, සඛරගමු පළාත් සභා සංකීර්ණයට යාබදව මහල් තුනකින් යුත් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd