(යොහාන් භාසුර)

78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු හෙට (4) නිදහස් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා පැවසීය.

ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට ජනාධිපති විශේෂ සමාව ප්‍රදානයකරන බවත් ඒ අනුව නියමයන් සහ කොන්දේසි කීපයක් යටතේ මෙම  විශේෂ ජනාධිපති සමාව සිරකරුවන්ට ප්‍රදානය කරන බවත් ගජනායක මහතා කීය.

බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවූ වසරකට සතියක සමාවක් සහ රුපියල් 75,000 ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම එම නියමයන් බව ද ගජනායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.