සමහර ක්ෂණික තේ පැකට්ටු වලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයට නිදහස් වන බව පර්යේෂණයකින් හෙළිවී ඇත.
කැනේඩියානු පර්යේෂකයින් පිරිසක් විසින් මේ බව සොයාගෙන ඇති අතර ඔවුන් පවසන්නේ මිල අධික ප්ලාස්ටික් තේ පැකට්ටු මගින් මෙසේ අධි මාත්‍රා වලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ජලයට නිදහස් වන බවයි.
පර්යේෂණයට බඳුන් කළ තේ පැකට්ටු වලින් බොහොමයක් කඩදාසි මිශ්‍රණයකින් නිපදවා තිබූ නමුත් මිල අධික සන්නාම සහිත තේ පැකට්ටු සඳහා ප්ලාස්ටික් දැල් විශේෂයක් යොදාගෙන තිබුණු බව ද පර්යේෂකයෝ පවසති.
නටන වතුරට දැමූ එවැනි එක් ප්ලාස්ටික් බෑගයකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් බිලියන 11.6ක් ද ඊට වඩා කුඩා නැනෝ ප්ලාස්ටික් කොටස් බිලියන 3.1ක් ද නිදහස් වී තිබූ බව ඔවුන්ට දක්නට ලැබී ඇත.
මේවා කිසිසේත්ම පියවි ඇසට නොපෙනෙන කොටස් වන අතර මෙම ප්‍රමාණයන් සම්බන්ධව තමන් පුදුමයට පත්වූ බවද පර්යේෂකයෝ පවසති.
සමහර ආහාරවල, බෝතල් කළ ජලයේ සහ ටැප් වතුරේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් බොහෝ සෙයින් හමුවන බව ඔවුහු සඳහන් කරති.
තේ පැකට්ටු සඳහා ප්ලාස්ටික් යොදා ගැනීම අවශ්‍ය නොවද බවද පර්යේෂකයන් අවධාරණය කර ඇත.
(බීබීසි ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්ෂණික තේ පැකට්ටුවකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයට " මෙය 100%ක් සත්‍යයකි " සුදුපාට තේ කොප්පයට උණුවතුර දමා තේ පැකට්ටුව දැමූ පසු තෙල් මෙන් පාවෙන්නේ මොනවද කියා ඔබට දැක ගත හැකිය. ප්රශ්නය තිබෙන්නේ තේවල නොව තේ අසුරා ඇති කුඩා බෑගයේය.
ඒ තෙල් එන්නේ තේ ඇට වලින්. සමහර තේ ජාති පෑන් වල ෆ්‍රයි කරලා සකස් කරන්නේ. එතකොට ඒවගෙන් තෙල් එන්න පුළුවන්. විශේෂයෙන් මිල අධික කෝපි වල ශාක තෙල් ඉන්ෆියුස් කරනවා.
බොහෝ ක්ෂණික තේ පැකට්ටු නිෂ්පාදනයන් වලට යොදා ගන්නේ ... කලවම් තේ (blend Tea ) නිසාත් ඒ කලවම් කිරීමට ගන්නා තේ වල ගුණතාත්මක නොවන තේ නිසා මෙසේ තෙල් වැනි දෑ දැකගත හැක.. එසේ වන්නේ තේ නිෂ්පාදන ක්‍රියාවලියේ.. වියළීමේදී උඳුන් උණුසුම් කිරීමට.. දර වෙනුවට.. දැවිතෙල් යොදාගන්නා විටත්.. මෙවැනි තෙල්.. තට්ටුවක් දැක ගත හැක. හොඳම ක්‍රමය වන්නේ ක්ෂණික තේ පැකට්ටු වෙනුවට තේ කොළ (loose) තේ ගෙන පළමුව මඳ උණුවතුරෙන් ගන්නා තේ කොළ සෝදා ඊට පසු පානය සඳහා යොදා ගන්න. මෙවිට තෙල් ගතිය පමණක් නොව දූවිලි පවා ඉවත් වේ.