(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන බලකාය වගකිව යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
කොරෝනා මර්දන බළකාය වහාම විසිරුවා හැර නීතියෙන් පිහිටුවා ඇති මණ්ඩල මාර්ගයෙන් කොරෝනා මර්දනය කරන්නට ක්‍රියා කළ යුතු යැයි ද එසේ නැතිනම් ලංකාව 21වන ශත වර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇතැයිද හිටපු අගමැතිවරයා සඳහන් කළේය.
ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගෙන යන ක්‍රමවේද අසාර්ථක වී ඇති බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා තවත් කල් ගන්නට හැකියාවක් නැති අතර නීතියෙන්ම ස්ථාපිත කර තිබෙන ආපදා කළමනාකරණ මණ්ඩල මගින් මේ අර්බුදයෙන් ගොඩ එන්නට සැලසුම් සැදිය යුතු බවද සඳහන් කළේය .
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි. ලෝකෙ අනිත් රටවලුත් එහෙම තමා කරන්නෙ. කොහොමද ටිකිරි මොළේ. ඊළඟ පාර ඡන්ද ලැබෙයි හොඳේ
එතකොට අරයා කියන්නේ ආණ්ඩුව වග කිව යුතුය කියලා .
ඇත්ත. මේ අයට මිනිසුන්ගේ ජීවිත දැනෙන්නේ කුකුල් කූඩුවක ඉන්න කුකුළන් වගේ . නටන්නේ බහුභූත.
බලය නැති වුණාම තමයි මොලේ. හිටපු අවුරුදු 4 රාජපක්ෂලා ඇතුළු හොරුන්ට අවංකව රටේ නීතිය අනුව දඬුවම් කරා නම් අද මේ වගේ මෝඩ රැලකට රටේ පාලනය යන්නේ නෑනේ. මේ අපරාධයට ඔබත් වගකිව යුතුයි.
ඒක ඇත්ත. ඔය බලකායෙ අය කොරෝනාව මර්දනය කරනවා නම් රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා තීරණ ගන්න ඕනෑ. නමුත් ඒ බවක් පේන්නේ නෑ. දේශපාලන වුවමනා අනුව තීරණ ගන්න බවයි පේන්නේ... මේ කමිටුවේ රැස්වීම් වලට ජනාධිපති සහභාගි වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒකෙන් කමිටුවේ අයට නිදහසේ තීරණ ගැනීමේ හැකියාව නැතිවෙනවා. ඒකෙන් හැම දේකම අවසාන තීරකයා වෙන්නේ ජනාධිපති. අවසානයේ කමිටුවේ තීරණ දේශපාලනික හේතුවලට යටවෙනවා.
රට කෑවට, හොරු බේරුවට වගකිව යුතුයි.
මෙයා හිටියානම් අපිට පාන් කියාගන්නවත් බැරි වෙනවා. රටේ වාසනාවට ඡන්ද දෙකක් තිබුනේ. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන එක වෙනස් කරන්න කාලේ හරි. ලැජ්ජා නැතිකම රනිල්ගේ මන්ත්‍රීපුටුවටත් වඩා ලොකුයි කියලා...
මග හැරගත හැකිව තිබූ පාස්කු ප්‍රහාරයේ වගකීම...?
කිසිවෙකුට මුන්දෑ දෙස බැලූ බැල්මට කියන්න බැහැ නේද "මඳ" වශයෙන් බුද්ධිය තිබෙන "මන්ද පමා" උගතෙක් කියලා...
ගොන් කතා... එතකොට කියන දේ අහන්නේ නැති අශීලාචාර ජනතා කොට්ඨාශය නිර්දෝෂයිද? පාර්ලිමේන්තුවේත් ඉන්නවා එවැනි හරක් රැළක්..
එහෙම කර තිබුණා නම් කියාවි... ' ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට දීම මේ රජය කල බරපතල වරදක්. දෙන්නට තිබුණේ ජනාධිපති විශේෂ කාර්ය බලකායකටයි. එහි නායකත්වයට හමුදාපතිතුමාවයි පත් කළ යුතුව තිබුණේ'..., යනුවෙනි.
ආසියාවේ වඩාත් උපායශීලී නායකයා කියනවා නේද මෙයාට?
එතකොට පාස්කු ප්‍රහාරය? මහ බැංකුව? එක්කෝ ඕනැ නැහැ..
එහෙනම් මෙතුමා මේ කියන්නේ ඇමරිකාවේ, එංගලන්තයේ වගේ එතුමා හිස නමා පිළිගන්න බලවත් බටහිර රටවල පවා සිදුවන කෝවිඩ් මරණ වලට ඒ රටවල කොරෝනා මර්දන යාන්ත්‍රණ වගකිවයුතු බව නේද? පුලුවන් නම් ඔය කතාව ඉංග්‍රීසී භාෂාවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් හැටියට එළි දක්වන්න. මෙයයි මෙයාගේ පරණ ගෝල සජිත් මහත්තයයි දෙන්නාම එක්කෝ ලෝකයේ අනික් රටවල වෙන දේ නොදන්න මොඩයින්... එහෙම නැත්නම් රටේ ජනතාවට බොරු කියලා අන්දන්න හිතන කපටියන්...
විෂඝෝර සර්පයෙක්... ඔලුව චප්ප කරලා දාන්නයි තියෙන්නේ...!
චීනය සාර්ථක වුණේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න. ඒ ඔවුන්ගේ රජය නිසා...
ඔහු ගැන දන්නා කෙනෙක් නැහැ. ‘‘අපේ විරුවා ගෝඨාභය‘‘...
රෙද්දක් ඇඳන්ද අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික්කරන්නේ... කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් අහලා බලන්න තමන් මගඇරපු, අතපසු කරපු, ගණන් නොගත් දේවල් වලින් මිනිස්සු කී දාහක් මැරිලා තියෙනවද කියලා. පක්ෂය, විපක්ෂය කියලා නෑ. නුඹලා ඔක්කොම අවස්ථාවාදී කපටි හොරු....
ලංකාවේ මිනිස්සුන්ට කවදා මොලේ පෑදෙයිද දන්නේ නැහැ...
මුල වැදුනා. දැන් මැදයි අගයි හදන්න අමාරුයි. කොරෝනා මර්දන බලකාය වගකිව යුතු බව කියන්නේ හිටපු අගමැති වරයානේ... පරිණත දේශපාලඥයෙකු බව කවුරුත් පිළිගන්නවා.
මිනිස්සු මැරෙන්නේ අසනීපවලට... ඒකට කොරෝනා කියලා නමක් දාගෙන පිටරටවල් ගිලගන්නවා. කොරෝනා ඔච්චර දරුණු නම් ඔහේටත් එන්න එපෑයෑ...
අපට කුමන ආකාරයේ හෝ දේශපාලනයක් අවශ්‍ය නැහැ. මේ වෙලාවේ මෙතුමා කියන්නේ කවුරුවත් නොකී දෙයක්... කවුරු කිව්වත් කතාව නම් සත්‍යයක්.... හමුදාපති තුමා කියන්නේ තමා පත්කළ නායකයා කියන දේ. කරන්නෙත් එතුමා කියන දේ. ඒක හමුදාපති තුමාගේ රාජකාරිය. තම සේනාධිනායකයාට ඉහළින් යන්න එතුමාට බැහැ. අපත් සමහර විට හමුදාපති තුමා විවේචනය කරනවා. ඒත් එතුමා කරන්නේ එතුමාගේ ඩියුටි එක. එතුමාගේ කතාවකට හොඳින් සවන් දෙන්න. විනාඩි කිහිපයක් කතාකළොත්, ඒ කාලය තුළ අතිගරු යන වචනය සෑහෙන වාර ගණනක් කියැවෙනවා. මේ වචනය ඇහිලාම අපට එය එපාවෙලයි තියෙන්නේ. ඒත්, තම සේනාධිනායකයාට ගෞරව කරන්න එතුමා බැඳී සිටිනවා. මෙතන සම්පූර්ණම වගකීම ගන්න ඕනෑ අදාළ සේනාධිනායකයා බව පෙනෙන කරුණක්...
ලංකාවේ අය හිතන් ඉන්නේ ලංකාවේ විතරයි මේ කොරෝනා තියෙන්නේ කියලා .වෙනත් රටවලුත් අපේ රට වගේම තත්වයක තියෙන්නේ .ඇත්තටම අපේ රටත් සැහෙන ප්‍රමාණයකට පාලනය කරගෙන යනවා .මධ්‍යස්තව මේ වෙලාවේ හිතන්න පුරුදු වෙන්න ඕනේ .සුපුරුදු පරිදිම දේශපාලකයෝ මේක දේශපාලනයක් කරගෙන මිනිස්සුත් ඒකටම එකතු වෙලා .තමන්ගේ වගකීම විතරයි මේ වෙලාවේ කරන්න ඕනේ .ආණ්ඩුවේ වැරදි කිය කියා ඉඳලා වැඩක් නැහැ .මේ ආණ්ඩු පෙරලන වෙලාව නොවේ .එය පසුව කරනු ඇත. දැන් අපි එක්ව මෙම තත්වයෙන් ආරක්ෂා වීමට නැගී සිටිමු.
හොරු හොරු උනුන්ටම බැනගන්නවා .හුරේ
යුද්දේ තියෙනකල් යුද්ධය අවසන් කරන්න සටන් කරපු හමුදාවේ කකුලෙන් ඇද්දා... දැන් කොවිඩ් මර්ධනය කරන්න ගෙනයන සටනේ කකුලෙන් අදිනවා. රටටම සාපයක් අප්පා.
ඡන්දයක් දිනන්නේ නැතුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා දැන් වීරයෙක් වෙන්න හදන්න එපා.
අපේ හමුදාවෙනුත් සමහර වෙලාවට කරන්නේ මහ මෝඩ වැඩ අප්පා... මොන එහෙකට මෙයාට කොරෝනා බේත් විද්දද? බැරිම නම් කුප්පියෙන් එකක්ම විදින්නේ නැතිව අරික්කාලක් විතර විදලා යවන්න තිබුණනේ.. විෂ ඝෝර සර්පයා.. දැක නෑර මෝඩයා කියලා අහලා නැද්ද?
මේ යන විදිහට තව ටික දවසකින් කියයි මෙයා ඉපදිච්චි එකට අල්ලපු ගෙදර කෙනා වගකියන්න ඕනෑ කියලා..
අනේ, පැරදිලා ගෙදර ඉන්නේ නැතිව ආවා මෙතන රට කන්න...
මා හට කෝවිඩ් වසංගතය වැළඳී මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිමි. මා මේ සටහන තබන්නේ කෝවිඩ් රෝගීන් වෙනුවෙන් ඉමහත් වෙහෙසක් දරණ වෛද්‍යවරුන් හෙදියන් සහ රෝහල් කාර්යය මණ්ඩලය වෙත උපහාරයක් පිණිසය. ඔවුන්ගේ කැපවීම මිල කළ නොහැකි ය. එසේම රජය ද රෝහල් වල තිබෙන පහසුකම් උපරිම මට්ටමෙන් පවත්වාගෙන යාමට කටයුතු කරයි. ඒ නිසා කෝවිඩ් රෝගීන් වෙනුවෙන් කැපවී සිටින මේ සියලු දෙනාට දේවාශිර්වාදය වේවා!