
(විමුක්ති එස් රුද්රිගු)
මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඒ පිළිබඳ තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයන් සිදුකරනු ලබන විග්රහයන් සම්බන්ධයෙන් නොරැවටෙන්නැයි ශ්රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේය,
මහ බැංකුව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කර සිටියේ මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යන කරුණු තාක්ෂණික දැනුමකින් යුතුව විග්රහ කළ යුතු බවය.
තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයන් විසින් මේ දිනවල ඒ පිළිබඳව නිකුත් කරනු ලැබ ඇති නොමගයවන සුළු ප්රකාශ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බවද මහ බැංකුව ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දැනුම තියෙන අය නිසාද මිලියන ගණන් රටට අහිමි වුණේ?
ඒටීඑම් කියන්නේ පුද්ගලයෙක් නෙවේ. කාඩ් එක දැම්මම අකවුන්ට් එකේ සල්ලි නෑ කියල පෙන්නනවා.
ඔව් ඔව් බොලා තමයි ඔක්කෝම දන්නෙ. ඔය මහදැනමුත්තලා කරපු හරිය තමයි අපි මේ විඳවන්නෙ.
ඕකට ඉංග්රිසි භාෂාවෙන් කියන්නේ ස්පේකියුලේට් කරනවා කියලා. එහෙම වෙන එක නවත්ව ගන්න ක්රමයක් තමයි හරි තොරතුරු නිසි අයුරින් සමාජ ගත කරන එක. ඒ තොරතුරු ගැන මහජන විශ්වාසයක් හදන එක. එහෙම නැතිව තියෙන තොරතුරුවලින් විද්වත් අය ප්රකාශ නිකුත් කළාම ඒක හෙළා දකින එක නෙමේ වැඩේ. හර්ෂ හරි ධනනාත් හරි මෙිනවා හරි කිව්වම අපි ඒ ගැන උනන්දු වෙනවා. මහ බැංකුවට පාලු ගෙයි වලං බිඳින්න ඕනේ නම් ඉස්සර වෙලා ඒකට වේදිකාවක් හදා ගන්න. හර්ෂ ඒ කාළේ කට කැඩෙනකන් කිව්වා රට බංකොලොත් වෙන්න යන්නේ කියලා. අපිට මතකයි එතකොට මහ බැංකුව කියපු දේවල්. දැන් ඒක එහෙම නෙමේ කියන්නේ කොහොමද? අධිපත්තුමා හැර ආණ්ඩුව කරන කියන දේවල් ගත්තම අපි කොහොමද ඒවා විශ්වාස කරන්නේ?
මහබැංකුව වුනත් ටිකක් එහෙම නැතුව හිටියොත් නරක නෑ.