(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 980 දෙනෙක් අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,85,912ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 5,172දෙනකු සුවය ලබා අද (19) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,61,848කි.