IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් තරගය බලද්දී වෙල්ලාලගේ පියා මියයයි

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

ජාතික ක්‍රිකට් කණ්ඩායම් නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා හදිසියේ මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග කියයි

මොරටුව , ෆ්‍රැන්සිස්කු පෙදෙසේ පදිංචිව සිටී සුරංග මහතා ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (18) රාත්‍රි පැවති  ක්‍රිකට් තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටියදී වතුර වීදුරුවක් පානය කිරීමට නැගිට යාමේදී හදිසියේ පපුව අල්ලාගෙන දන ගසාගෙන බිම වාඩිවී ඇති අතර, බිරිඳ සහ දුනිත් වෙල්ලාලගේගේ සොහොයුරා විසින් පානදුර මූලික රෝහලට රැගෙන විත් තිබුණි .

පානදුර රෝහලට ඇතුලත් කරන විටත් සුරංග වෙල්ලාලගේ මහතා මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

මෘතදේහය දේහය සම්න්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදුකල අතර, රෝහල් පරිශ්‍රය තුල පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් විශාල පිරිසක් රැස්ව සිටියහ.

මියගොස් ඇති සුරංග වෙල්ලාලගේ මහතාගේ ආදරනීය බිරිද හර්ෂනී කාංචනා වෙල්ලාලගේ මහත්මිය ගෙන් පොලිසිය සහ හදිසි මරණ පරීක්ෂකවරයා සාක්ෂි සටහන් කරගත්තේය.  සංචාරය අතරතුර පියාගේ වියෝවෙන් දුනිත් වෙල්ලාලගේ මහතාද පරීක්ෂණ සිදුකරන ස්ථානයට පැමිණ සිටියහ.

මොරටුව මූලස්ථාන පොලිසියේ කොස්තාපල් ජේ කේ විජේසිංහ (97314) විසින් සාක්ෂි මෙහෙයවන ලදී.

සුරංග වෙල්ලාලගේ මහතාගේ අවසන් කටයුතු 21 ඉරිදා පස්වරුවේ මොරටුව රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

 



අදහස් (0)

ක්‍රිකට් තරගය බලද්දී වෙල්ලාලගේ පියා මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 893 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site