(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රීලන්කන් හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැක සහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

ඔහු එසේ කීවේ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීමට පැමිණි අය සම්බන්ධයෙන් ද සැකයක් පවතින බව කාරියවසම් මහතා කීය.

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට ඇපකරුවන් හඳුන්වා දෙනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින්ද යන්න අධිකරණය විමර්ශනයක් කළ යුතු බව මහලේකම්වරයා කීය.