IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කැන්ටිමේ කුඩු විකුණුවැයි ඇල්ලූ කත නිදොස් කොට නිදහස්

(ටෝනි කරුණානායක සහ තිලකරත්න දිසානායක)

ගම්පහ, බුත්පිටිය මහ විද්‍යාලයේ ආපනශාලාවේ මත් කරල් 38ක් සහ  අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්   අධිකරණ රැදවුම්  නියෝග මත  ඉකුත් 05 වෙනිදා සිට  මල්වතු හිරිපිටිය පොලිසියේ රඳවා තබා සිටි එම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් එස් එම් මහේන්ද්‍රරාජා මහතා විසින් එකී චෝදනාවෙන් අද (12) නිදොස් කොට මුදා හරන ලදී.

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ පදිංචි දෙදරු මවක් වු වගසිංහ ආරච්චිගේ නිලුකා නැමැති කාන්තාව මෙසේ චෝදනාව සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය .

නිදහස් කරනු ලැබූ කාන්තාව සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇති හඳුනා නොගත් මත් කරල් 38 සහ කුඩා ප්‍රමාණයේ  අයිස් මත්ද්‍රව්‍ය පැකට් 07 එම සිද්ධිය කුමන්ත්‍රණය කිරීම සඳහා කටයුතු කළ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන්ගේ නඩු ගොනුවට ඇතුලත් කරන ලෙසට පැමිණිල්ල මෙහෙය වමින් මල්වතුහිරිපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ (උප .පො.ප)  ඒ.පී.රණවීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම මත එම මත්ද්‍රව්‍ය තොගය අසත්‍ය නඩු පැවරීමකට  කුමන්ත්‍රණය කිරීම සහ රජයේ සේවකයෙකුට අසත්‍ය තොරතුරු ලබාදීම යන චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන විණි වික්‍රමඅරච්චි, රංග ප්‍රශාද්  කුමාර, නාමල් ධනංජය ප්‍රේමරත්න, සුමිත් දේවින්ද ජයලත් සහ කේ .ඒ. උෂාන් එරංග යන සැකකරුවන්ට අදාළ නඩු ගොනුවට එකී නඩු භාණ්ඩ ඇතුළත් කිරීමට අධිකරණය කටයුතු කරනු ලැබීය .

පාසල් ආපන ශාලාව පවත්වාගෙන යමින්  සිටියදී අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව වෙනුවෙන් නීතිඥ ගයනි මාන්නප්පෙරුම සහ  නීතිඥ ඉෂාර ගුණසේකර යන මහත්ම මහත්මීන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ  ප්‍රියන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.  

පොලීසිය මගින් දැනට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින විනි නැමැති සැකකරු සමඟ යක්කල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු තම සේවා දායිකාව අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කර ඇති බවට  පැහැදිලි සාක්ෂි ඇති බව නීතිඥ  ප්‍රියන්ත ජයවර්ධන මහතා  අධිකරණය හමුවේ පැවසීය.

මෙම වරදට සෘජුවම සම්බන්ධ එම උප පොලිස් පරීක්ෂකවරයාවද අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස  නීතිඥ ප්‍රියන්ත මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

රිමාන්ඩ් භාරයට පත්ව සිටින විණි නමැති සැකකරු සහ උප පොලිස් පරීක්ෂක අතර ජංගම දුරකථනයෙන් පැවති සාකච්ඡාව කුමන්ත්‍රණකාරී බවක් ලෙසට මේ වන විට අනාවරණය වී ඇති බවත්  නීතිඥ ප්‍රියන්ත මහතා
අධිකරණයේ හමුවේ පැවසිය .

සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන ඕනෑම අයෙකු තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙසට අධිකරණයෙන් මල්වතුහිරිපිටිය පොලිසියට  නියම කෙරුණි.

යක්කල පොලිසියට අනුයුක්ත එම උප පොලිස්  පරික්ෂකවරයා සම්බන්ධයෙන් ගත යුතු කියාමාර්ග  පිළිබඳ මේ වන විටත් විමර්ශන සිදු කරමින් පවතින බවට අධිකරණයේ දී වැඩිදුරටත් සදහන් විය . 

අසත්‍ය නඩු පැවරීමකට කුමන්ත්‍රණය කිරීම  සහ රජයේ සේවකයෙකුට අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධව රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් පස් දෙනාට අදාල නඩුව ලබන 20 වෙනිදාට නැවත කැදවීමට නියම වී තිබේ .



අදහස් (0)

කැන්ටිමේ කුඩු විකුණුවැයි ඇල්ලූ කත නිදොස් කොට නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site