බිමල් ශ්‍යාමන් ජයසිංහ
පුද්ගලයන් කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන 46 හැවිරිදි කාන්තාවක් නවගමුව කුලී නිවසක සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සැකකාරියට විරුද්ධව පැමිණිලි 51ක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.
එම කාන්තාව බාරයේ තිබී ග්‍රෑම් 350ක බර රන් ආභරණ, රුපියල් 50,000ක මුදලක්, විදෙස් ගමන් බලපත්‍ර 72ක්, බැංකු පොත් 51ක් සහ ඒ. ටී. එම් කාඩ්පත් 50ක් ද පොලිසිය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ අයව මහජනයාට දැක ගන්න, නම් ගම සහිතව පින්තුර දමන්න ඕන, හදිසි අනතුරෙන් මැරෙන අය නෙමෙයි , මහජනයාට හිත මතා, වංචා කරන අය ප්‍රසිද්ධ කරන්න ඕන.
මහ බැංකු හොරුන්ව අත්අඩංගුවට ගන්නේ කවදද?