(නාලක සංජීව දහනායක)
එක්සත් ජනතා නිදහස් සන්ධානය නව රජයට එක්වෙනවාද නැද්ද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයි එහි මහ ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ලංකාදීපයට අද (16) පැවැසීය.
කෙසේ වෙතත් නව රජයට එක්නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ වනවිට තීරණය කර තිබූ බවද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡාවක් හෙට (17) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවද මහලේකම්වරයා ස`දහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද නැවත කකුලෙන් අදින්නද?
ඇත්තම කිව්වොත් මේ ගොල්ලන් ගන්නවාද? නැද්ද? කියන එක රනිල් තීරණය කළ යුතුයි...
ඔය ජනපතිගේ හොර නඩේ කිසි විටක යූ.එන්.පී ආණ්ඩුවට ඇතුල් නොකර ගැනීමට රනිල් වගබලා ගත යුතුය. මොවුන් යළිත් වතාවක් කලින් කළා මෙන් ක්රියාවේ යෙදෙන බව හොඳින් රනිල් අවබෝධ කරගත යුතුය. 133 හදාගන්න අවැසිනම් එජනිසය හා පොහොට්ටුව, ශ්‍රීලනිපෙ හැර වෙන ඕනෙම පක්ෂයකින් පුද්ගලයින් ලබා ගෙන ආණ්ඩුව පිහිටුවන්න... රනිල් වග බලා ගත යුතුය. යම් හෙයකින් මොවුන් ලබා ගන්නවා නම් බඳවා ගත් පසුව පක්ෂ මාරු කරන විට මන්ත්‍රී ධුරය අහෝසි වන නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතුය.
කොහෙන්ද අපි හිනාවෙන්න ඕනේ? මේ ලැජ්ජානැති දේශපාලනයට අනිවාර්යයෙන්ම තිත තියන්න අවශ්‍යයි. රට විනාශ කරනවා කියලා නේද රනිල්ගේ ආණ්ඩුවෙන් ඉවත් වුනේ?
නව රජයට එක් වුනොත් අපි ගහන්නේ අසූචි වලින්.
ලැජ්ජාවක් ඇත්තෙම නැත්ද? විපක්ෂයේ අසුන් ගන්නම බැරිද?
ලැජ්ජාවක් ඇත්තෙම නැත්ද? විපක්ෂයේ අසුන් ගන්නම බැරිද?
කපන්න බැරි අත ඉඹින්නයි ඔය එන්නේ.. ලංකා දේශපාලනයේ හැටි ඔහොම තමයි. මෛත්‍රීපාල මහත්තයාගේ කටේ නරිවාදන් දැක්කනේ. දැන් මොකද වුණේ? වැල යන පැත්තට මැස්ස ගහන්නයි තියෙන්නේ..
ශ්‍රී ලනිපය කියන්නේ අවාසනාවේ ලකුණ. ගිය පැත්ත ඉවරෙටම ඉවරයි. යූඑන්පී එකට හේත්තුවුනා විතරයි යූඑන්පී එක නන්නත්තාර වුණා. ඒට පස්සේ මහින්ද එක්ක එකතුවුණා විතරයි ඊළඟ ඡන්දයෙන් පහසුවෙන් දිනන්න හිටිය පොහොට්ටුව සහ මහින්ද ඉවරෙටම ඉවර වුණා. මේ අය පක්ෂය පිටින් ආණ්ඩුවට ගත්තොත් අායෙත් මේ ආණ්ඩුවත් ඉවරයි, ශ්‍රිලනිපයේ අවසානාවන්තකම නිසා...
ලැජ්ජ නැතුව ආයෙත් එකතුවෙන්න හදනවා... ඇමති සැප නැතිව ජීවත් වෙන්න බැරි අපත සෙට් එක...
අායෙත් කන්නද එන්නේ?
මහින්ද මහතාගේ ජනප්‍රියතාවය හා චරිතය කෙලෙසීමේ සිහින් උත්සහායක් නම් දැරුවේ එයාලා නැවත එකතු වේවි. අනිත් අතට උන්ව ගන්න එකත් යු.එන්.පි. එකේ මෝඩ වැඩක් පක්ෂයක් විදිහට නැවත එකතු වුණොත් ජනාධිපතිවරයා රටේ බිහිවූ අපකීර්තිමත් ජනාධිපතිවනු අැත. තවමත් ඔහු චන්ද්‍රිකාට ඉදිරියෙන් සිටියි...
මේ අයව ගේන්න නම් එපා. දුමින්ද, විජිතමුණි වගේ කීපකෙනෙක් ගන්න.
ඇමති සැප නැතිව ජීවත් වෙන්න බැරි අය... එහෙනුත් කාලා මෙහෙනුත් කන්නයි ඕනි... රනිල් හොඳ ටික දෙනෙක් විතරක් ගන්න. පළමුව කළයුත්තේ හිටන්ට දෝෂාභියෝගයක් ගෙන එ්ම පමණි. එ්කට අවශ්‍ය වහල්ලු ටිකක් ගන්න.
මල කෙලියයි. හාර්ට් ඇටෑක් හැදිලා අංජබජල් ගහලා හිටපු බමුණු මහත්තයා ආයෙත් නැගිටලානේ. වෙරි ගුඩ්! මැදමුලන වලව්වේ කුස්සියේ වැඩට කෙනෙක් වුවමනා කර තිබේ කියලා දාලා තිබුනයි කියන දැන්වීම දැන් අවලංගු කරන්න සිදුවේවි!
බමුණු මහත්තයෝ, රොකි කියන දේ ඇත්තදෝ කියල මටත් හිතෙනවා. මිනිස්සු ඕන තරම් කඩේ යනවා තමා. ඒ වුනාට මෙහෙම අන්ධයෙක් වගේ කඩේ යාමක් මේ ප්‍රතිචාර ඉතිහාසයේම මං දැක්කේ නැහැ. අම්මප නිකමටවත් හිතෙන්නේ නැද්ද කඩේ මුදලාලි බමුණු මහත්තයාගේ අන්ධ මානසිකත්වයෙන් නහුතෙටම ප්‍රයෝජන ගන්නවා ඇති කියලා.
ආයිත් ආණ්ඩුවයි, විපක්ෂයයි, ජනාධිපතිතුමයි, මහින්ද මහත්තයයි, පක්ෂයයි විනාශ කරන්න ද හදන්නෙ? මොකද මේ මොහොතකටවත් විපක්ෂයේ ඉඳ ගන්න බැරි රඟේ? කරුණාකරල 95 දෙනා එකට ඉඳගෙන දැන්වත් තමුන්ට නිල වශයෙන් හිමි විපක්ෂ නායක ධුරය අතට ගන්න බලන්න.