(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායක මහතාට සහය පළ කිරිමට තීරණය කර තිබේ.
එක්සත් වාමාංශික පෙරමුණ හෙවත් සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම් මධ්‍යම කාරක සභාව රැස්වී එම තීන්දුව ගත්බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා පැවසීය.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරනු ලබන අනුරකුමාර දිසානායක මහතාට සහයෝගය දෙමින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරිමට ද මධ්‍යම කාරක සභාවේදී තීන්දු කළ බව හෙතෙම කීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න මහතා කීවේ අනුරකුමාර දිසානායක මහතාට ඡන්දය ලබාදී දෙවන මනාපයක් ලකුණූ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
දෙවන මනාපය ගෝඨාභයට එරෙහි ශක්තිමත්ව අපේක්ෂකයා වෙනුවෙන් සළකුණු කරන්නැයි ද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඡන්ද 5ක් ජවිපයට..
බළලා මල්ලෙන් එළියට, අහෝ JVP, UNP සම්බන්ධය "දෙවන මනාපය ගෝඨාභයට එරෙහි ශක්තිමත්ව අපේක්ෂකයා වෙනුවෙන් සළකුණු කරන්නැයි ද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය."
ඔය පනින්නේ බළලා මල්ලෙන් එළියට. 2015 රට කාපු එජාප, ජවිපෙ වෙනමම බොරුවට කරන රංගනයක්...
ජයම්පති වික්‍රමරත්න කියන්න අවශ්‍ය නැහැ. ජවිපෙ ඉලක්කය එජාප ආණ්ඩුව ගැන කලකිරී කැඩෙන ඡන්ද ටික නැවත එජාපයට එකතු කිරීම... ඉතින් රැවටෙමුද?
ඡන්ද 100ක්වත් ගන්න බැහැ.
අනේ මට මතක නෑනේ... මොනවා වෙලාද විජේවීර මැරුණේ?
දැන්වත් තේරෙනවද ජවිපෙ, යූඇන්පී සම්බන්ධතාවය? ජවිපෙ රතු අලි පැටියා නම හරියටම හරි...! ජවිපෙ සහෝදරවරුන්ට දැන් අමතක ඇති රණසිංහ ප්‍රේමදාස 88-89දී ජවිපෙට සළකපු විදිය.
මේ හැම පක්ෂයම පටන් ගන්නේ "එක්සත්" කියන වචනෙන්. මට මතක්වෙනවා ඒ කාලේ පිලිප්, කෙනමන්, අන්.ඇම්. තුන්දෙනා එකතු වෙලා වාමාංශික එකසත් පෙරමුණ පිහිටුවලා ටික දවසක් යනකොට රෝහණ විජේවීර කියපු දේ. ඔහු කිව්වා ' ඔය කියන කට්ටියගේ වාමාංශික දර්ශනයකුත් නෑ. එක්සත්කමකුත් නෑ, එතන පෙරමුණකුත් නෑ". දැන් ඉන්න එක්සත් කාරයෝයි, පෙරමුණු කාරයොයි දිහා බැලුවහම අදටත් ඒ කියමන හරියටම හැටි යනවා.
දන්නේ නැති නිසා අහන්නේ? ගෝඨා සහ බැසිල් ඇමෙරිකාවේ මොනවද කරේ? රාජපක්ෂ පවුලේ සියලුම දෙනාගේ අධ්‍යාපන පසුබිම කෙසේද?
ජයම්පති වික්‍රමරත්න කියන්න රනිල්ගේ අතකොළුවක්.
මේ රටේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම යහපාලන නඩයේම හැසිරීම අපි දැක්කා. ජනතාවගේ දුකේදී හිනාවෙවී මාධ්‍ය හමු තිබ්බ මොවුන් ඒක සුළුවෙන් තැකුවා. දැන් සිංහල ඡන්ද දේශප්‍රේමී නායකයෙක් වශයෙන් ගෝඨා වටා ගොනු වෙනකොට ඒ සිංහල ඡන්ද කඩන්න එක එක පිල්ලි එවනවා. අපේ මිනිස්සු මෙදා පාර මේ නඩයට අහු වුණොත් ආයෙත් රටක් ඉතුරු වෙන එකක් නැහැ.
කෙනෙක් ගැන ලියන්න ඉස්සෙල්ලා ඔහු ගැන අධ්‍යයනයක් කරන්න. මේ මිනිසුන් යූඑන්පී එකට කඩේ ගිහිල්ලා නැහැ. හොඳ රටක් වෙනුවෙන් පෙනීසිටපු මිනිස්සු..
මෙතන කාගෙ කාටවත් මඩ ගහන්න එන්නේ නැහැ. සජිත් එජාප ජනාධිපති අපේක්ෂකයා කිරීම නිසා හටගත් පශ්චාත් දේශපාලන කැළඹිමේ ආරම්භයක් පමණයි. ජනාධිපතිවරණයෙන් පස්සේ මේ දෙන්නා නැවත හිටපු මහ ගෙදරටම එනවා.
අනේ උවිඳු විජෙවීර පුතේ, අනුර, හෙරත් හා ලාල්කාන්ත මාමලට කියපන් තාත්තට අපහාසනොකර තමන්ගෙ ලාබ ප්‍රයෝජන ගැන නොසිතා අනුන්ට කඩේ යන්නේ නැතිව මට පක්ශය දෙන්න මම තාත්තගෙ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්නම් කියල.
කට්ටිය කලබල වෙන්න එපා ඝොඨාභයට ඔය දෙවෙනි මනාපය ගනින අවශ්‍ය නැහැ ඔහු 53.4 ගෙඩි පිටින් ගන්නවා සිංහල බෞද්බධ සහ කතෝලික ඡන්ද සුළු ජාතික ඡන්දත් එක්ක ඔහු 54.89 කින් මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා මේක සේව් කරලා තියාගන්න
දෙමාපිය සොහොන රටේ ජනතාවගේ බදු මුදලින් නිමකර ඒ ගැන පරීක්ෂණ එනවිට වෙනකකු මගින් එම මුදල් ගෙවීම නීතියානුකූල යයි ඔබ සිතන්නේ නම් හෙට දිනයේ මහබැංකු මංකොල්ලයෙන් සිදුවුණා යයි පවසන මුදල කවරෙකු හෝ පියවා දැම්මොත් කුමක් කියන්නේද? රටේ සිදුවන හොරකම්, මංකොල්ලකෑම් සඳහා නීතිය ක්‍රියාත්මක වී සොරකම එළිවනවිට එම සොරකම් කළ මුදල්, දේපල නැවත ආපසු ගෙනැවිත් දුන්නොත් සුද්දවන්තයෙක් වන්නේද? එවිට ඔහුටම නීතිය ක්‍රියාත්මක කිරීමට බාර දෙන්නේද? එක හොරෙක් ඉවත් කිරීමට වෙන හොරෙක් හෝ පරණ හොරෙක් ගෙන එන්නේද? එසේ කර හොරකම නැතිකළ හැකිද? එකෙක් එළවීමට තවකෙක් නොව රටේ අනාගතය වෙනුවෙන් අපේක්ෂාවක් ඇත්නම් වඩා සුදුස්සෙක් පත්කර ගැනීමට ඡන්දය භාවිතා කරමු..
එජාපය සහ පොහොට්ටු අතර වෙනස මොකක්ද? මම අහන්නේ ප්‍රතිපත්ති හෝ වැඩ පිළිවෙලේ වෙනස...