(අංජුල මහික වීරරත්න)

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රතිඥා දී තිබෙි.

තිරසර සංවර්ධන ඉලක්ක අය වැයට එක් කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් මෙි බව සඳහන් කර ඇත.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, පරිසරය සහ තිරසාර මූල්‍යකරණය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආනන්ද මලවිතන්ත්‍රී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි නේවාසික නියෝජිත Azusa Kubota , අයවැය ලේඛන උපදේශක Asif Shah, ඒකාබද්ධතා විශේෂඥ දුලානි සිරිසේන මෙනවිය සහ ප්‍රතිපත්ති, පර්යේෂණ සහ නියැලීමේ සහකාර Afraa Mohamed යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.