රංජිත් රාජපක්ෂ
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක් ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
අද (18) පස්වරු 2 ට පමණ එම දුම්රියේ එන්ජිම පීලි පැන ඇති බව පාලක මැදිරිය පැවසීය.
පීලි පැනිම හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයේත්, විශේෂ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේත් නතර කර ඇති බවත් වාර්තා වේ.
පීලි පැන ඇති දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පාලකයෝත් පීලි පනින එකේ හිත්පිත් නැති යකඩයොත් පීලි පනින එක මහා කජ්ජක්ද?