කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ සිදුවූ 10 වැනි මරණය අද උදෑසන වාර්තා විය.
තමිල්නාඩුවේ 54 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්වී ඇති අතර ඔහු විදෙස් සංචාරයක නිරත වී ඇති බවට අනාවරණය වී නැතැයි තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය විජය භාස්කර් මහතා පැවසීය.
මදුරෙයි ප්‍රදේශයේ රාජාජි රෝහලට ඇතුළත් කර ඇති මොහු දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැනි දිගු කල් පවත්නා රෝගවලින් පෙළී ඇත.
මෙම තැනැත්තා වන්දනා චාරිකාවක් සඳහා පැමිණි තායිලන්ත ජාතිකයින් පිරිසක් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව හෙළවී තිබේ.
තමිල්නාඩු ප්‍රාන්තයෙන් වෛරසය ආසාදිත නව රෝගීන් තිදෙනෙක් හඳුනාගෙන ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)
-226-
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයි