( දිල්රුක්ෂි ග්‍රේරු)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මින් ඉදිරියට මිලදී ගනු ලබන්නේ සුඛෝපභෝගී බස් රථ පමණක් බවත්, ඒ සදහා නව පිරිවිතර ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
එම පිරිවිතරවලින් පරිබාහිරව ලංගම සඳහා බස් රථ මිලදී ගැනීමට නොහැකි වන සේ අලුත් නීතියක්ද පාර්ලිමේන්තුව හරහා හඳුන්වා දීමට කටයුතු කරන බවත් , එම නීතිය පෞද්ගලික බස්රථ ප්‍රවාහන සේවයටද පසුව හඳුන්වා දෙන බවත් අමාත්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට පොදු බස්රථ ප්‍රවාහනයෙන් 40% දායකත්වය සපයන බවත් , නමුත් වසර දෙකක් පමණ පැරැණි බස් රථ ඇත්තේ ඉතාමත් අඩුවෙන් බවත් පැවසු අමාත්‍යවරයා සඳහන් කළේ වසරකට අලුතින් බස්රථ පන්සියයක් ලංගම බස්රථ ඇණියට එක් කළ යුතු බවයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි මාස කිහිපය තුළදී අලුත් බස්රථ පන්සීයක සිට දහස දක්වා ප්‍රමාණයකින් ලංගමට ලබා දීමට අපේක්ෂා කරන බවත් පැවසීය. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ මගීන්ට වඩාත් සැපපහසු, නූතන අවශ්‍යතාවලට ගැළපෙන, ආරක්ෂාව උපරිමය තියෙන උසස් තත්ත්වයේ නව බස්රථ ලංගමට ලබා දීම බවත් අමාත්‍යවරයා පැවසීය.
‘නොගැළපෙන බස්රථ මින් ඉදිරියේදී ලංගමට මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම පිරිවිතරවලට ගැළපෙන බස්රථ පමණයි ලංගමට මින් ඉදිරියට මිලදී ගන්නට හැකියාව ලැබෙන්නේ’ යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලය සාමාන්‍ය සේවා සඳහා යොදා ගන්නා බස්රථ පැරණි ආකෘතියේ බස්රථ වේ. ඇතැම් විට එම බස්රථවල එංජිමේ හඬ, ප්‍රමාණය ඉක්මවා අධිකව නිකුත් වේ. ආසනද සුඛෝපභෝගී නොවේ. ඇතැම් විට අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස්රථවලද දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයකි.
එබැවින් සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී යනුවෙන් එක් එක් කාණ්ඩ සඳහා පිරිවිත හඳුන්වා දීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අරමුණයි.
එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී පාසල් ප්‍රවාහනය සහ කාර්යාලීය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස්රථ හෝ වෑන්රථ සඳහාද පිරිවිතර හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. එම පිරිවිතරවලට නොගැළෙපෙන බස්රථ හෝ වෑන් පොදු ප්‍රවාහන සේවාවේ යොදවන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අණපනත් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
එම සාකච්ඡාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ ඇතුළුව උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් බස්වල ගමන් ගන්නා අයටත් ඒවා අපවිත්‍ර නොකර කඩා බිඳදාන්නේ නැතුව පාවිච්චි කරන හැටි කියාදෙන්න වෙයි. අපි දැක්කා අලුතෙන් දාපු දුම්රිය මැඳිරිවලට දැන් වෙලා තියෙන දේ...
ඉන්දියානු ලොරිවලට බොඩි ගැසූ බස් නන් අයින් කරන එක ලොකු දෙයක්...
මේ සැපෙන් වෙන්නේ අපි තවත් ණය බරින් මිරිකිලා දුකෙන් දුකටම පත්වෙන එකයි. සැප බස් ගන්නකොට කාටකාටත් කොමිස් නම් වැඩියි. එ්ක නේද මේ බස් ගන්නේ? කළයුත්තේ බස් රථ කබලක් හෝ මේ රටේ නිපදවීමට උනන්දු වීමයි. මේ කොමිස් ක්‍රමය නිසා ඒ දිහා හැරිලා වත් බලන්නේ නැහැ. පින්කළ අය පමණක් උපදින රටේ තත්වේ බොහොම කණගාටුයි.
මේ වගේ තීරණ තමයි රටකට වැදගත් වෙන්නේ... ඉක්මනටම ඉන්දියාවෙන් ගෙන්නන බාල වර්ගයේ බස් රථ තහනම් කරලා ආරක්ෂිතව යන්න පුළුවන් බස් රථ ගෙන්වන්න. හොඳ තීරණයක්...
අනේ මේ පිස්සුනම් කරන්න එපා අපි රෑ 12ට එන්නේ පිටකොටුවෙන් ගොඩගම යන බස් එකේ එකේ කොපමණ සද්දේ තිබුණත් ඒ වෙලාවට අපට දිව්‍ය රථයක් වගේ... ඒ වෙලාවට පුද්ගලික බස් නිදිනේ...
මරණය නියතයි...
අපේ රටේ හදන මයික්‍රෝ බස්රථ මේ සදහා යොදා ගන්න. රටක් දියුණු වෙන්න දේශීය කර්මාන්ත වලට මුල්තැන දිය යුතුයි .
ඔය මුකුත් ඕනෑ නෑ. යනඑන ටික කනක් ඇහිලා බස් එකක යන්න පුලුවන් වෙන නීතී ගෙනත් බස්වල දාලා තියෙන බස් සිංදුයි, ලයිට් තොරණුයි නැවත්තුවොත් ඇති. බස් ප්‍රමාණාත්මකව වැඩි වුණාට වැඩක් නෑනේ... ගුණාත්මක බවක් නැත්නම්...
බස්රථ වල එන ඔරිජිනල් සීට් ගලවල , පටු ඉඩකඩ නොමැති සීට් බස්වලට සවිකරනවා , මිනිස්සු ගොඩක් දමාගෙන යන්න පුළුවන් විදිහට ,ඒවගේ වකුටුවෙලා ගිහිල්ල මිනිස්සු ලෙඩ වෙනවා , කරුණාකරලා බස් රථයේ ආසනයේ වාඩිවෙන කොටසේ දිග පළල නීතිගත කරන්න . අර ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණලා දමල , එහි පාඩු පියවගන්න රජයෙන් අවරුදු පතා ගෙවන රුපියල් කෝටි 2000-2500 අතර මුදල ලංගම බස් ගෙන්වන්න ආයෝජනය කරන්න , කවදාවත් පිටරට නොයන අපේ බදු මුදල් වලින් ඔය ගුවන් සේවය නඩතතු කිරීම අපට කරන විශාල අසාධාරණයකි . අපිට එදිනෙදා ගමනක් යන්න බස් එකක නැතුව අපි දුක් විදිනවා ,
එන්ජිමේ සද්දෙටයි, බස් එකේ දාලා තියෙන සින්දු වල සද්දෙටයි, කොන්දොස්තරගේ මල කන්දොස්කිරියාව නිසා අපි බස් එකෙන් බහිනකොට කන් දෙකම අගුල් වැටිලා කැරකිල්ල හැදිලා ඉවරයි. එක නිසා ගෙදර ගියාම බිරිද හොද කීවත්, නරක කීවත් අපේ කන් ඇහෙන්නේ නැහැ.
සමහරු නායකයෝ පත් කරන්නේත් ඔය විදිහටමයි එ්කයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ...
සැප බස් දෙන එක හොඳයි. නමුත් බස් එකේ යන අයට කියන්න ජනේලයෙන් බුලත් කෙල ගහන එකයි කුණු විසිකරන එකයි නතර කරන්න කියල. අසික්කිතයි. කොච්චර සැප බස් දුන්නත් එකයි. කටේ තියෙන්නේ අපි සිංහල බෞද්ධ කියල. නමුත් හතර වටේම කුණු.
ඇත්තටම දැනට ලංකාවේ තිබෙන දැවෙන ප්රශ්නය බස් වල තිබෙන සැප මදිකම ද ? පුළුවන් තරම් ප්‍රවාහන වියදම් අඩු නොකර තවත් මහජන මුදල් විනාශ කරන්න හදනවා. මහා අය සල්ලි හොයා ගනියි.
එකම දවසක්වත් මේ බස් හෝදන්නේ නැ.මුළු රටේම කුණු ගොඩවල් තියෙන එකේ බස් හෝදයිද