(නිමල කොඩිතුවක්කු)
තමන් අධිකරණ අමාත්‍යවරයා ලෙස තවුහිත් ජමාන් සංවිධානය පිළිබඳ 2016 වසරේදී පාර්ලිමේන්තුවේදී හෙළි කළ අවස්ථාවේදී එය සමච්චලයට ලක්කරමින් තමන් ජාතිවාදියෙකු යැයි හංවඩු ගැසූ කැබිනට් ඇමතිවරුන් මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගෙන වන්දි ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී අද(23) පැවැසීය.
සියලුම ජීවිත බේරා ගැනීමට හැකියාව තිබියදී රජයේ වරදින් මෙම ඛේදවාචකය සිදුවූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවද සඳහන් කළේය.
නාවල විජයබා මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද කීය.
‘‘දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර පිළිබඳ ශෝකවීමට වැඩිය දහස් ගුණයකින් අපි සියලුම දෙනා ශෝක විය යුතුව තිබෙනවා. එයට හේතුව මේ සියලූ ජීවිත බේරා ගැනීමට හැකියාව තිබියදී රජයේ වරදින් මේ වගේ ඛේදවාචකයක් අපේ රටේ සිදුවීමයි.
ලෝකයේ දුර්වලම පාලනයක් තියෙන රටක වුනත් මෙවැනි ඛේදවාදකයක් සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් කාල වේලාවක් නීතිය ක්‍රියාත්මක කරන අංශවලට සහ රජයට තිබුණා.
තවුහිත් ජමාද් කියන සංවිධානයට අයත් ත්‍රස්තවාදි කල්ලියක් අපේ රටේ ක්‍රියාත්මක වන බවට 2016 වසරේ නොවැම්බර් මස 18 වනදා මම පාර්ලිමේන්තුවේදි හෙළිදරවු කලා. මේ රටේ ප්‍රභූ පවුල් විදියට ඉන්න මුස්ලිම් පවුල් 04ක සාමාජිකයන් මේකට සම්බන්ධයි කියළා මම ප්‍රකාශ කළා.
සමහර මුස්ලිම් විද්‍යාලවලටත් පල්ලිවලටත් අන්තවාදය දේශනා කරන්න ඇෆ්ගනිස්තානයෙන් පකිස්ථානයෙන් සංචාරක වීසා මත මිනිස්සු එනවා කියලා මම එදා පැවැසුවා.
එදා ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් මට වටකරගෙන ප්‍රහාර එල්ල කලා. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න පහුවෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා එය අසත්‍යයක් බව පැවැසුවා. විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කිවුවේ සම්පූර්ණ බොරුවක් කියලා එක්සත් ජාතික පක්ෂයේ සමහර ඇමතිවරු මහනායක හිමිවරු බැහැ දැකලා කිවුවා.
එහෙම කතා කරපු ඇමතිවරුන් අද මේ මියගිය ජීවිතවලත් විනාශ වෙච්ච දේවස්ථාන සම්බන්ධයෙනුත් වගකීම බාර ගත යුතුයි. ඒ අයට වන්දි ගෙවිය යුතුයි.
මේ ජඩ දේශපාලන සංස්කෘතිය ඇතුළේ අද අපිට ඇත්ත කතා කරන්න බැහැ. එදා මුජුබර් රහුමාන්, හිස්බුල්ලා වගේ මන්ත්‍රීවරු මම තමයි ජාතිවාදය හදන්නේ කියලා කිවුවා. මම අද කියනවා ඒ මුජුබර්, හිස්බුල්ලා වගේ අය මේ මිනීමැරුම්වලට වගකිව යුතුයි කියලා. මේ ත්‍රාස්තවාදීන් ආරක්ෂා කළේ ඒ අයයි’’යැයිද ඔහු එහිදී සඳහන් කළේය.
(ඡායාරූප - ගයාන් ලසන්ත)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හලෝ, අන්න ඔයාලගේ ජනාධිපතතුමා හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාරයා කරලා, අසාත් සාලි බස්නාහිර ආණ්ඩුකාරයා කරලා. දැන් ඔයා බයිලා ගැහුවට වැඩක් නැහැ. ඔයත් හිටියේ ඔය ජනාධිපතිත් එක්කයි, විශේෂයෙන්ම ඔයා අද හිටියේ මේ ආණ්ඩුවේ ඇමතිකමක නම් අද ඔය වගේ පොර ටෝක් දෙන්නෙත් නැහැ. ඔයා කෑ ගහන්නේ ඇමැතිකම ගලවලා පක්ෂයේනුත් එලෙව්වට තියෙන තරහට මිසක්, රට ගැන හෝ ඒ බෝම්බවලට ජීවිත අහිමිවුණු මිනිස්සු ගැන දුකකට නොවන බව ඔයාගේ ඉතිහාසය දන්නා ඕන කෙනෙක් දන්නවා.
ඇත්ත තිත්ත වුණු බලධාරීන් නිසා තිත්ත ඇත්තට ජීවිත බිලිවෙලා. අඩු තරමේ ඒ ඇත්ත කතා කළාට ඔබට ස්තුතියි.
එතකොට ඔය රාජිත ඇමතිතුමා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වේ අපි කිසිදෙයක් දන්නේ නැහැ.. අපිට මුකුත් කරගන්න බැහැ අපි අසරණයි කියලා.
බදුර්දීන් මේක පිටිපස්සේ ඉන්නවා.
මෙයාට පාර්ලිමේන්තු මන්ත්‍රීකම දීලා තියෙන්නේ UNF එකෙන් රජයේ අමතිවරුන්ට විරුද්ධව ප්‍රකාශ කරන්නද?
බදුර්දීන් මේක පිටිපස්සේ ඉන්නවා.
එක් පාර්ශ්වයක් නොවේ මේ ප්‍රහාරය පිළිබද දැන සිටි සියලුදෙනා මේ ප්‍රහාරයේ වගකීමට බාරගත යුතුයි..
ඔබගේ අද පාර්ලිමේන්තු කතාවේදී මෙම වැදගත් ප්‍රකාශය ඉදිරිපත් කරද්දී “තක්කඩියා” ලෙස ඔබට නිගා කළ “මහජන නියෝජිතයා“ කව්ද කියා රටම දැනගත යුතුයි.
ඔබට අපේ ආචාරය.. අවාසනාවකට පාර්ලිමේන්තුවේ ඉන්න බොහොමයක් අයට මේ දේවල් තේරුම් ගන්න තරම් බුද්ධි වර්ධනයක් නෑ. විශේෂයෙන්ම ඔය කියන මාධ්‍ය ප්‍රකාශකට.
වන්දි ගෙවන්න කැමතිවේවි. ඒ අයගේ සල්ලි නොවෙයිනේ.
ඉතින් ඇයි ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ.. මෙච්චර සාධාරන සාක්ෂි තියෙද්දී ඇයි ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ... මේක මේ වෙලාවේම නැතිකරලා දාන්න ඕනේ.. ආයේ හුරතල් කරන්නේ නැතුව..
ඔබගේ අතීතය පෙන්වා දීම ගැන මම ගරු කරමි. මම කිසිදු දේශපාලකයෙකුට කැමති අයෙකු නොවේ. මන්ද හැම දේශපාලකයා පසු පස කලු සුදු චරිත දෙකකි. තම ආණ්ඩු වල පැවැත්ම සදහා ඡන්ද හිගා කන දේශපාලකයෝ බෙහෙවින් සිටින රටක ඉපදීම අවාසනාවකි. මේ දේශපාලකයන්ට ජනතාවගේ අකමැත්ත ඉතා පැහැදිලිව පෙන්නා දුන්නත් බලයට කෑදර මොවූන් බලය අයුතු අන්දමින් බලය ලබාගෙන අපගේ මව්බිම විනාශය කරා රැගෙන යයි. ජනතාව තීරණයක් ගත යුතුය.
වගකීම් භාර ගැනීමට ඒ අය රටේ ඉන්න එපාය. තව ටික කලකින් ඒවි වගකීම් භාර ගැනීමට ආයාචනය කිරීමට. එදාට හොඳවයින් දෙන්න ජනතාව පෙළ ගැසී සිටිනවා නොඅනුමානයි.
පාන්කඩ ආණ්ඩුව, බැරි වුණා රැකගන්න රටේ සිවිල් ජනතාව ඔවුන් ටික රැකුණා මිසක...