IMG-LOGO

ආසියා පැසිපික් අයි.සි.සී රන් සම්මානය දිනා දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

පකිස්තානයේ පැවති 2022 ආසියා ෆැසිපික් තොරතුරු තාක්ෂණ තරගාවලියේ ( Asia Pacific ICT Alliance Award ) ( 2022 - APICTA Award ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායම එහි  රන් සම්මානය දිනා ගැනීමෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ආසියා ෆැසිපික් කළාපයේ රටවල් 17 ක සහභාගීත්වයෙන්  දෙසැම්බර් 5 සිට දෙසැම්බර් 12  දක්වා මෙම තරගාවලිය පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී පවත්වා තිබුණි.

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සන්නිවේදන තාක්ෂණ අංශයේ සේවය කරන නිලධාරීන් තිදෙනකු විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් පරිපාලනය සහ කළමනාකරණය කිරීම සදහා " සිප්තතු " නැමැති මෘදුකාංගය නිර්මාණය කර මෙම තරගාවලිය සදහා ඉදිරිපත් කර තිබුණි.

මෙම මෘදුකාංගය මගින් ගුරු තොරතුරු කළමනාකරණය , ස්ථානගත කිරීම් , ගුරු තුලනය , වාර්ෂික ස්ථාන මාරු වීම් , අනුයුක්ත කිරීම් , තොරතුරු ලැයිස්තු ලබා දීම් සහ කාර්යය මණ්ඩල නියාමනය යන පරිපාලන සහ කළමනාකරණ කාර්යයන් ඉතා කාර්යක්ෂම ඉටු කර ගත හැකිය.

මෙම මෘදුකාංගය රාජ්‍ය ආයතනයක් විසින් නිර්මාණය කර සංවර්ධනය කර තිබීම පකිස්තානයේ අධ්‍යාපන සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරුන්ගේ ප්‍රසංශාවට හා ඇගැයීමට ද ලක් විය.

 



අදහස් (1)

ආසියා පැසිපික් අයි.සි.සී රන් සම්මානය දිනා දිවයිනට

sharm warn Tuesday, 13 December 2022 10:03 AM

ආඩම්බරයි මල්ලිලා.. ඔයලා ඔව්ව පකිස්ථානෙට පෙන්නල රත්තරනින් පුද ලැබුවට මෙ රටෙ නම් අතින් වත් අල්ලන්න කවුරුවත් ඉදියි කියලා හිතන්න වත් එපා.. මෙක ලංකාව.. ඉහල සිට පහලටම , පතුලටම වංචා දූශණ විතරයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site