(ටී.කේ.ජී.කපිල)
පකිස්තානයේ පැවති 2022 ආසියා ෆැසිපික් තොරතුරු තාක්ෂණ තරගාවලියේ ( Asia Pacific ICT Alliance Award ) ( 2022 - APICTA Award ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායම එහි රන් සම්මානය දිනා ගැනීමෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ආසියා ෆැසිපික් කළාපයේ රටවල් 17 ක සහභාගීත්වයෙන් දෙසැම්බර් 5 සිට දෙසැම්බර් 12 දක්වා මෙම තරගාවලිය පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී පවත්වා තිබුණි.
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සන්නිවේදන තාක්ෂණ අංශයේ සේවය කරන නිලධාරීන් තිදෙනකු විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් පරිපාලනය සහ කළමනාකරණය කිරීම සදහා " සිප්තතු " නැමැති මෘදුකාංගය නිර්මාණය කර මෙම තරගාවලිය සදහා ඉදිරිපත් කර තිබුණි.
මෙම මෘදුකාංගය මගින් ගුරු තොරතුරු කළමනාකරණය , ස්ථානගත කිරීම් , ගුරු තුලනය , වාර්ෂික ස්ථාන මාරු වීම් , අනුයුක්ත කිරීම් , තොරතුරු ලැයිස්තු ලබා දීම් සහ කාර්යය මණ්ඩල නියාමනය යන පරිපාලන සහ කළමනාකරණ කාර්යයන් ඉතා කාර්යක්ෂම ඉටු කර ගත හැකිය.
මෙම මෘදුකාංගය රාජ්‍ය ආයතනයක් විසින් නිර්මාණය කර සංවර්ධනය කර තිබීම පකිස්තානයේ අධ්‍යාපන සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරුන්ගේ ප්‍රසංශාවට හා ඇගැයීමට ද ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි මල්ලිලා.. ඔයලා ඔව්ව පකිස්ථානෙට පෙන්නල රත්තරනින් පුද ලැබුවට මෙ රටෙ නම් අතින් වත් අල්ලන්න කවුරුවත් ඉදියි කියලා හිතන්න වත් එපා.. මෙක ලංකාව.. ඉහල සිට පහලටම , පතුලටම වංචා දූශණ විතරයි..