
(අංජුල මහික වීරරත්න)
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබූ සටහන් ලිවීමෙන් පසු රෝපණය කළ හැකි මිරිස් බීජ සහිත පෑන් ජනාධිපති කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා මිලදී ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට දැනුම් දුන්නේය.
දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ සංවිධානය කර තිබූ ප්‍රදර්ශනයකට ආනන්ද විද්‍යාලය මෙම බීජ පෑන් ඉදිරිපත් කර තිබිණි.
එම බීජ පෑන් ඇගැයීමට ලක් කළ ජනාධිපතිවරයා පැවසූයේ පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රවර්ධනය කරන නිසා මෙවැනි නිර්මාණ ඉතා වැදගත් බවයි.
එම පෑන් සියල්ල ජනාධිපති කාර්යාලයෙන් මිලදී ගෙන එහි ජනාධිපති මුද්‍රාව ද සටහන් කර ජනාධිපති කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා භාවිත කරන බව කී ජනාධිපතිවරයා පාවිච්චි කළ පෑන් රෝපණය කිරීම සඳහා නැවත ආනන්ද විද්‍යාලයට බාර දෙන බවද එයින් ලබන මිරිස් අස්වැන්න පිළිබඳව ආනන්ද විද්‍යාලය තමාට වාර්තා කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මිරිස් අස්වැන්න ඉහළ නැංවීමට කටයුතු කරන උදවියට අපගේ ස්තුතිය...!
හොඳ වැඩක්...
කට්ටියක් බෑග් මහලා දෙනවා, තව කට්ටියක් මිරිස් ඇට දාලා පාන් හදලා දෙනවා. ඔය විකාර දැන්වත් නවත්තලා රට හදන්න ඵලදායී වැඩක් කරන්න හිතන්න ඩඩ්ලිට ගෝවා ගෙඩි කොටුවල ගහලා පෙන්නපු අතීතයක් තිබුණේ...
නව නිර්මාණකරුවන් අධ්‍යාපනයෙන් බිහිකිරීම සහ රටේ අනාගතය බාරගැනීමට සිටින තරුණයින්ට සුබපතමු...
ඔයා ඕවා අරන් ගිහින් මොන අහවල් එකටද...? ඒක වැඩීදියුණු කරලා වාණිජ නිෂ්පාදනයට මග පෙන්වන්න කියන්න..
මෙයාට පේන්නේ රෝයල් ආනන්ද ඉස්කෝල විතරයි.
අරන් එකක් ගහ ගත්තා නං හරි... අඩුම තරමේ මිරිස් කරල් 2 ක් වත් අස්වැන්නක් එන්නැතෑ..
මෙයාට හරියන්නේ මේ වගේ විකාර.