IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආනන්දයේ ’’මිරිස් පෑන්’’ ඔක්කොම ජනපති මිලදී ගනියි

(අංජුල මහික වීරරත්න)

කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබූ සටහන් ලිවීමෙන් පසු රෝපණය කළ හැකි මිරිස් බීජ සහිත පෑන් ජනාධිපති කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා මිලදී ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට දැනුම් දුන්නේය.

දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ සංවිධානය කර තිබූ ප්‍රදර්ශනයකට ආනන්ද විද්‍යාලය මෙම බීජ පෑන් ඉදිරිපත් කර තිබිණි.

එම බීජ  පෑන් ඇගැයීමට ලක් කළ ජනාධිපතිවරයා පැවසූයේ පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රවර්ධනය කරන නිසා මෙවැනි නිර්මාණ ඉතා වැදගත් බවයි.

එම පෑන් සියල්ල ජනාධිපති කාර්යාලයෙන් මිලදී ගෙන එහි ජනාධිපති මුද්‍රාව ද සටහන් කර ජනාධිපති කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා භාවිත කරන බව කී ජනාධිපතිවරයා පාවිච්චි කළ පෑන් රෝපණය කිරීම සඳහා නැවත ආනන්ද විද්‍යාලයට බාර දෙන බවද එයින් ලබන මිරිස්  අස්වැන්න  පිළිබඳව ආනන්ද විද්‍යාලය තමාට වාර්තා කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.



අදහස් (10)

ආනන්දයේ ’’මිරිස් පෑන්’’ ඔක්කොම ජනපති මිලදී ගනියි

උතුරේ දෙමල ගොවියා Monday, 12 December 2022 04:45 PM

අපේ රටේ මිරිස් අස්වැන්න ඉහළ නැංවීමට කටයුතු කරන උදවියට අපගේ ස්තුතිය...!

:       4       35

Lal Monday, 12 December 2022 05:45 PM

හොඳ වැඩක්...

:       1       47

sampath Monday, 12 December 2022 05:47 PM

කට්ටියක් බෑග් මහලා දෙනවා, තව කට්ටියක් මිරිස් ඇට දාලා පාන් හදලා දෙනවා. ඔය විකාර දැන්වත් නවත්තලා රට හදන්න ඵලදායී වැඩක් කරන්න හිතන්න ඩඩ්ලිට ගෝවා ගෙඩි කොටුවල ගහලා පෙන්නපු අතීතයක් තිබුණේ...

:       55       9

අහිංසක Monday, 12 December 2022 06:50 PM

ලක්වාසීන් බත් දුන් පියා ලෙසට හදුන්වන ඩඩ්ලි මැතිතුමාට කතාකරන හැටියෙන් පේනවා නමින් සම්පත් වුනාට වැඩක් නෑ කියලා, යකෝ ගෝවා ගෙඩි නොවෙයි 1970 මැතිවරණ අවස්ථාවේ සමගි පෙරමුණේ අය පාන් ගෙඩි තමයි කෝටුවල ගහගෙන ගියේ. එහෙම කලේ හඳෙන් හරි ගේනවා කියපු හාල් වලින් බත්කටක් කන්න...

:       4       44

සෙනෙවිරත්න Monday, 12 December 2022 08:42 PM

එහෙම පිනට කවපු කැවිල්ලක රඟේ තමයි මේ, දැන්වත් ඔය අර පියා, මේ පියා, අපේ අම්ම, පිනට ටකරන්, උදලුතල දේශපාලනයෙන් මිදෙන්න.

:       24       15

nimal Monday, 12 December 2022 06:25 PM

නව නිර්මාණකරුවන් අධ්‍යාපනයෙන් බිහිකිරීම සහ රටේ අනාගතය බාරගැනීමට සිටින තරුණයින්ට සුබපතමු...

:       1       29

රුක්මාල් Monday, 12 December 2022 08:23 PM

ඔයා ඕවා අරන් ගිහින් මොන අහවල් එකටද...? ඒක වැඩීදියුණු කරලා වාණිජ නිෂ්පාදනයට මග පෙන්වන්න කියන්න..

:       5       3

සෙනෙවිරත්න Monday, 12 December 2022 08:43 PM

මෙයාට පේන්නේ රෝයල් ආනන්ද ඉස්කෝල විතරයි.

:       23       7

වීරවිජේ Monday, 12 December 2022 09:22 PM

අරන් එකක් ගහ ගත්තා නං හරි... අඩුම තරමේ මිරිස් කරල් 2 ක් වත් අස්වැන්නක් එන්නැතෑ..

:       25       9

Sunil Tuesday, 13 December 2022 08:14 AM

මෙයාට හරියන්නේ මේ වගේ විකාර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site