(මනෝප‍්‍රිය ගුණසේකර)
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 3,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ගිරාදුරුකෝට්ටේ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (3) නියම කළේය.
වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 08ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ මනෝජී හේවාවසම් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ ගිරාදුරුකෝට්ටේ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් සංජීව සරත් නන්දසිරි නමැත්තාටය.
2014 මැයි මස 22 වැනිදාත් 2014 මැයි මස 24 වැනිදාත් අතර කාලයේ ගිරාදුරුකෝට්ටේදී රථවාහන වරදක් කළ පුද්ගලයකුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ඔහුගෙන් රුපියල් 3,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත අල්ලස් කොමසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ මනෝජී හේවාවසම් මහත්මිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 3000ට දඩුවම මෙහෙමනම් මේ රටේ කෝටි ගණන් මහජන මුදල් අවභාවිත කරපු දේශපාලන ලොක්කන්ට කෝ තවම දඩුවම්......
වැරැද්දට දඬුවමක් වුණත් එය සාධාරණ වියයුතුයි. කෝටි ගණන් ගත්තවුන්ට දඬුවම් නැත...
රුපියල් 3000ට අවුරුදු 16 නම් කෝටි ප්‍රකෝටි ගණන් ගහන අයට ආත්ම 10ක් විතර දෙන්න වෙයි නේද?
මහබැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම ශතවර්ෂ දෙකක් විතර හම්බවෙයි. ෂෝක්....!
මනෝරි හේවාවසම් මහත්මියනි, පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ ගැටළුව සඳහා අල්ලස් ඉල්ලු අයටත් අල්ලස් දෙන්න මහන්සි ගත් උදවියට විරුද්ධව ඔබතුමියම ඉදිරිපත්වේවි යැයි මගේ ලොකු විශ්වාසයක් ඇති වුණා...
බැඳුම්කර හරහා මහා බැංකුවට වංචා කරලා රුපියල් කෝටි දහස් ගණනක් පාඩු කරපු හොරුන්ට අවුරුදු ලක්ෂය ගානේවත් හිර දඬුවම් දෙන්න ඕනේ...
එතකොට මහා බැංකු කාපු අයට...? අර කෝටි ප්‍රකෝටි ගණන් අල්ලස් අරන් එහාට මෙහාට පනින අයට...?
රුපියල් 3000 ට අවුරුදු 16,ක්
ඔන්න ගොයියනේ පරිස්සම් වෙයල්ලා. කෙලවෙන්නේ පැන්ෂන් සහිත රැකියාවකට. රු 5000ක් ලැබෙනවා වගේ නොවේ!
මේ දඬුවම රටේ සෑම වැරදි කරුවෙකුටම දෙනවානම් අගෙයි.දේශපාලකයන්ට ඇයි මේ නීතිය බල නොපාන්නේ.
අල්ලස් ගන්න එක වැරදීබව ඇත්ත. පොඩි අල්ලස් ගන්න රාළහාමිලා හිරේයනවා. කෝටි ගණන් අල්ලස් ගත්ත ලොකු හොරු ගැන කිසිම තොරතුරක් නැත.
අල්ලස් ගැනීම වැරදී නමුත් මේ කාරණයේදී මම පොලිස් කොස්තාපල්ගේ පැත්ත ගන්නවා. මොකද අල්ලස් කොමිසම මේ විදිහිට මිනිස්සු හිරේ දාන්න හැදුවොත්; මුළු ලංකාවේ අයටම හිරේ තමයි ඉන්න වෙන්නේ. මේ විදිහිට අල්ලස නවත්වන්න බැහැ.
3000 ක් ගත්ත රාළහාමි 8 කට බරපතල වැඩ ඇතුව හිරේ මහ බැංකුව කොල්ල කාපු අයට ඇප වෙනසක සැප.
කොහොමද අර්ජුන් මහේන්ද්‍රනගේ තොරතුරු.?
අනේ මේ වරදට මෙහෙමනම්, අර බැඳුම්කරේ අයට ලබන අාත්මේදිත් හිරේ ඉන්න වේවිද දන්නේ නැහැ නේද?
ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් වැරදි කරුවන්ට තමා. ඔය නිල්, කොළ, රතු හෝ මොන පාටක් හරි බෙදා ගන්න බැරුව මරා කොටා ගන්න මෝඩ මිනිස්සුන්ට කියන්නේ. එකඑක දේශපාලකයෝ පස්සේ පිස්සු බල්ලෝ වගේ යන්න එපා. එහෙම යන එකෙන් වෙන්නේ රට තවත් අගාධයට වැටෙන එකයි. මහා බැංකු කොල්ලයේ කරපු මිනිස්සු ඉහළ පුටුවල රජ සැප විඳිනකොට රුපියල් 3000කට මනුස්සයෙක් අවුරුදු ගණන් හිරේ යනවා. මොන තරම් විහිලුවක්ද මේක?