
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ජනතාව කෙසේ වෙතත් ආණ්ඩුවේ එකසිය පනස් නව දෙනා නම් පොහොසත් වුණු ආකාරය වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොදින්ම දුටු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
හැත්තෑ අවුරුදු ශාපයක් තුළ කෝටිපතියන් වූයේ කෙසේදැයි ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළේය.
අවුරුදු 76 දී කෝටිපතියන් නොවුනානම් පහුගිය අවුරුදු කිහිපයේදී කෝටිපතියන් වූයේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නයටත් එක එක අය එක එක විදිහට පිළිතුරු ලබාදී ඇතැයිද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
ධීවර කර්මාන්තය රබර් කර්මාන්තය බිඳ වැටී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට අද තියෙන ලොකුම වේදනාව රැවටුණු එක බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
බය කරලා දේශපාලනය කරපු කාලය ඉවරයි යැයිද මන්ත්‍රීවරයා කීය
ධීවර කර්මාන්තය සියයට 34කින් වැටී ඇතැයිද මෙහෙම ගියොත් පිටින් මාළු ගෙනවිත් කන්න සිදුවන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කර්මාන්තය බිද වැටුනත් රාජපක්ෂලාට පින්සිද්ද වෙන්න අයිස් හා හෙරොයින් කර්මාන්තය නම් සරුවටම කෙරෙනවා නේද නාමල් බේබි...?
හරිම හරබර උගත් කතාවක්... මෙවැනි කතාවක් කරන්න පුළුවන් කිසිම දවසක හොරකමක් නොකරපු, නීත්‍යානුකූලව විභාග සමත්වුණු, ඉතාමත් මහන්සියෙන් රස්සාවක් කරලා ප්‍රකෝටිපතියෙක් වෙච්චි කෙනෙකුට විතරයි..
සාටකයෝ ආර්ථික ඝාතකයෝ පට්ට හොරු. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා රටම හොරාකාලා විනාශ කරපු අය. දූෂිත පව්ල් පාලන ආණ්ඩුවක් ගෙනගිය කාලේ පව්ලේ අය කරපු හරිය ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අභියෝග වලට බය නැහැ... කියපු හොර පෙරකදෝරුවා ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගාගෙන පොරක් වෙන්න හැදුවාට වැඩක් නැහැ. ලැජ්ජයි...
මෙච්චර සල්ලියක් පොඩි කාලේ තිබිච්ච වසන්ත සමරසිංහ සහ අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් උපාධිය හදාරපු අය, දුප්පත් සිසුන්ට දෙන ශිෂ්‍යාධාර මහ පොළ වගේ දේවල් ලබා ගත්තාද කියලා සහ ඒ දිනවල අයගේ ආදායම් හැටියට ඉදිරිපත් කලේ කීයද කියලා බලන්න ඕනෑ නේද?
තමුන්ලා ඉබේම පොහොසත් වෙන්ඩැති. ඩේසී ආච්චි ගේ මැණික් මල්ල, සුනාම් ආධාර, හෙරළිය ගිණුම, මොළහතාගේ ආර්තික සංවර්ධන, මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසා කැවේ පව්ල් පාලනේ අය මිසක් වෙන කවුද?
නාමල් අමුතුවෙන් කියන්න ඕනේ නෑ... මේවා දැන් මුළු රටේම ජනතාව තේරුම් අරන් ඉන්නේ.
පිටරට මාලු නෙවෙයි ඕයි, ලගදිම අපි තොපේ මාලු කනවා. රට කාපු හැත්ත.
නාමල්ලා හිතුවා හොරකම් කරලා විතරයි කෝටිපතියන් වෙන්න පුලුවන් කියලා, පුතාලා තුනම රස්සාවල් කරේ නැහැනේ කෝටි ගණන් තිබුණාට...!
මහප්පගේ පුතාත් මාර ගේමක් දීලා තියෙන්නේ, ඛලනකොට ඔක්කොම එකයි.
මේ රට බින්දුවටම වැටුනේ රාජපක්ෂලාගේ හොරකම නිසා
පිටරටින් ගේන එක නවත්තන්න තමයි තංගල්ල පැත්තේ මුලින්ම කර්මාන්තයක් පටන්ගත්තේ කොහෙද? ඒකත් මේ ආණ්ඩුවෙන් වැළැක්වුවානේ...
අලුත් පොහොසතෙක් වෙචිචි තමුන්ගේම කෙනෙක් ශෂින්ද්‍ර රාජපක්ෂ දැන් හිරේ ඉන්නේ? ගියේ නැද්ද බලන්න.. සාටකයෝ පට්ට හොරු කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...