
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මෝටර් රථ ඇතුළු වාහන 178000ක් පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට ලංකාවට ගෙන්වා ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
අපේක්ෂා කළාට වඩා වාහන මිලදී ගැනීමක් සිදුව ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ආනයන අධිභාරය දැනට ගෙන්වූ වාහන වලට ක්‍රියාත්මක නොවන බවද සදහන් කළේය .
ඔහු මෙසේද ප්‍රකාශ කළේ ය.
මැයි 16 සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික වාහන ආනයන (ත්‍රී රෝද රථ මෝටර් සයිකල් හැර ) තීරු බද්දට ගහන සියයට 30ක අධිභාරයෙන් සියයට පහළොවක අධිභාරයක් අය කරනවා. මේක වාණිජ වාහන ආනයනයට බලපාන්නේ නෑ. බස් වලට ලොරිවලට නැහැ. ඒකත් මාස තුනක කාලයක් සඳහා විතරයි.
දැනට ගෙන්වලා තියෙන වාහන වලට ත් මැයි 15 දක්වා ණයවර ලිපි විවෘත කළ වාහනවලටත් වෙළඳපොළේ මිල වැඩිවීමක් වෙන්නේ නැහැ. වැඩි කරනවා නම් ඒක විකෘතියක්. අවස්ථාවාදී හැසිරීමක්. පුද්ගලික වාහන මාස තුනකට ප්‍රමාද කර ගැනීම කරනවා. විදේශ විනිමය මාස තුනකට ආරක්ෂා කර ගැනීමට මෙම අධිභාර තීරණය ගත්තා.
ග්‍රාමීය දුප්පත් භාවය නැති කිරීමට අවශ්‍ය කටයුතු කරනවා එක අවුරුද්දෙන් ඒක කරන්න බැහැ.
රාජ්‍ය ආදායම වැඩි කළේ අතිරේක බදු ගහල නොවේ. මේ සංශෝධනයේ අරමුණ බදු අනුකුලතාවය වැඩි කර ගැනීම. අපේක්ෂිත ආදායම අපිට වැඩි කරගන්න පුළුවන් වුණා. කලින් ආණ්ඩුවලට බදු ආදායම එකතු කරගන්න බැරි වුණා. ඒක දූෂණයට පාර කපන තත්වයක්. අපි බදු මුදල් එකතු කරගෙන තිබෙනවා.
ණයක් අරගෙන සහනාධාර විදියට ගෙවන්න බැහැ. ලෝක බැංකුවේ තියෙන්නේ ව්‍යාපෘති. ඒවා නිකන් බෙදලා දාන්න බැහැ. අතීතයේදී ඕවා කරලා තමයි රට හිරවුණේ. මැද පෙරදිග තත්වය හේතුවෙන් අතිරේකව බිලියන සීයක් වෙන්කළා. ඉන්ධන සහනාධාර වැනි සහනාධාර සඳහා. විදුලි ඒකක 180 වඩා අඩු අයට විදුලි බිල වැඩි කළේ නැහැ.
අග්‍රාමීය ජනතාව ණය වලට හිරවීමක් තියෙනවා. අවිධිමත් ශුද්‍ර මූල්‍ය ආයතන නිසා තමයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ. ග්‍රාමීය ජනතාවගේ කාන්තාවගේ අඩු මූල්‍ය සාක්ෂරතාවය මීට හේතු වෙලා තියෙනවා. දිස්ත්‍රික්ක නිල දරිද්‍රතා රේඛා තියෙනවා. කොළඹ තමයි වැඩිම. 18000යි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd