(ගයාන් සූරියආරච්චි)

මෙම වසරේ මුල් මාස 4 තුළ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.784 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවැසීය.

ඔහු ඒ බව පැවැසූවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ ඉතිහාසයේ මුල් වතාවට අප්‍රේල් මාසයේ පමණක් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1380 ක ප්‍රමාණයක් වාර්තාවී ඇති බවත් එය පසුගිය වසර සාපෙක්ෂව 6% කට ආසන්න කැපීපෙන වර්ධනයක් බවය.

විශේෂයෙන් මැදපෙරදිග යුද වාතාවරණයක් පවතින කලාපයේ පවතින තත්ත්වය සහ අනෙකුත් අභියෝග සමග සලකා බැලීමේදී ඉතාමත් කැපී පෙනෙන වර්ධනයක් බව මංගල විජේසිංහ මහතා පැවැසීය.