
(මනෝප්රිය ගුණසේකර)
සමාජ සේවය, නායකත්වය සහ නවෝත්පාදනය හරහා සමාජයට විශිෂ්ඨ දායකත්වයක් දුන් ලාංකිකයින් ඇගයීම සඳහා ජාත්‍යයන්තර සිංහ දිස්ත්රිත් 306 ඩී 1 විසින් පැවැත්වීමට නියමිත ‘ශ්රේ්යෂ්ඨතම පුරවැසි’ සම්මාන උළෙල සඳහා නාම යෝජනා කැඳවා ඇත.
කැපවීම හා සේවය තූළින් සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කරමින් ජනජීවීත උසස් කළ ආදර්ශවත් පුද්ගලයින් ඇගයීම අරමුණූ කරගනිමින් පැවැත්වීමට නියමිත මෙම සම්මාන උළෙල සඳහා සමාජ සේවා, අධ්‍යාපන සහ ව්‍යවසායකත්ව යන අංශ යටතේ නාම යෝජනා කැඳවා ඇත.
විශිෂ්ඨත්වය, නායකත්වය සහ සේවය ඇගයීම සඳහා පවත්වන මෙම ගෞරවනීය සම්මානය සඳහා සුදුසු පුද්ගලයින් නම් කරන ලෙස ඉල්ලා සිටින ‘ශ්රේ්යෂ්ඨතම පුරවැසි’ සම්මාන උළෙල කමිටුවේ සභාපති සිංහ දේශාන් හේවාවිතාරන මහතා නාම යෝජනා 0777272800 ‘වට්ස්ඇප්’ අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයෙන් ඇයැදුම් කරන්නැයි ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd