
(සුජිත් හේවාජුලිගේ)
අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණවෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
රැඳවියන් කිහිප දෙනෙකු රෝගී වීම හා එම රෝගී තත්වය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගත් බව එහි මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මහතා පැවසුවේය
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට අදාළ නඩු කටයුතු, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බවද ඔහු සඳහන් කළේය.
වෙනත් බන්ධනාගාරවලින් අඟුණකොලපැලැස්සට රැඳවියන් රැගෙන ඒමද නවතා ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ ඉඳගෙනත් විවිධ කටයුතු සංවිධානය කරමින් සමාජයට අතිමහත් මෙහෙවරක යෙදෙන මේ ගෞරවනීය පුරවැසියන් රැකගැනීමට හැකි උපරිමය කරන්න.