
(සුජිත් හේවාජුලිගේ)
ව්‍යවසායකත්වය ගිය දුර වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොඳාකාරව පෙන්නුම් කෙරුණු බව සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
' මේ නිසා දැන් කියන්න තියෙන්නේ අපි ඔක්කොම ව්‍යවසායකයෝ මල්ලි" කියලයි. ඒක හොඳ තත්ත්වයක් නොවේද. කොහොම නමුත් දියුණු ශ්‍රී ලංකාව බිහිකර ගැනීමට කාටවත් බැරිවෙලා තියෙනවා. නිර්මාණශීලීත්වය ව්‍යවසායකත්ව මනසින් නිවැරදිව හඳුනාගත යුතුයි"
ජයවීර මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමයේ උත්සවයකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔක්කොම ණයයි මල්ලි කියන්න තමයි තියෙන්නේ.
මෙතුමා කවදා හරි මැරෙන්නේ ව්‍යවසායකත්වය උගුරේ හිරවෙලා.
ඔව් ඔව්. හොද ව්‍යවසායකයෙක් ඇන්ටිජන් සම්බන්ධයෙන් කියලා අපි නම් දන්නවා...
ගංජා මුදලාලිලා කොහොමද ව්‍යවසායකයෝ වුනේ කියලා පැහැදිලි නැහැනේ අයියේ...
හැමෝම මතක තබා ගත යුතු දෙයක් ඇත! එනම් පොඩි දෙයක් අධික මිලකට විකුණා පාරිභෝගිකයන් ගසා කෑම විවසායකත්වය නොවේ! දේශපාලුවන්ට නිලධාරීන්ට පගා දෙමින් මහජන මුදල් මංකොල්ල කෑම ද විවසායකත්වය නොවේ!
ජවිපෙ පාක්ශිකයන් හිතාගෙන ඉන්නේ ඔවුන්ගේ නායකයෝ පාරිශුද්ධ උත්තමයෝ, කිසිදාක පවක් කරලා නැහැ... හොරකමක් කරලා නැහැ, කියන දේට එපිටින් වැඩක් කරලා නැහැ, බොරුවක් කියලා නැහැ කියලයි. අන්ධානුකරණයෙන් නායකයන් ඇදහිල්ලේ තරම..!