(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගම දහම අනුව කටයුතු කරමින් සැබෑ බෞද්ධයකු ලෙස රට වෙනුවෙන් සිදුකරන සේවය අනිකුත් දේශපාලඥයින්ට ආදර්ශයක් බව කොල්ලූපිටිය වාලූකාරාමයේ විහාරාධිකාරී උඩවෙල කෝලිත හිමියෝ කොළඹදී අද (16) පැවසූහ.
රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවක දේශපාලනය වෙනුවෙන් ආගම ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කර නොගත් බවද සදහන් කළ උන්වහන්සේ ආගම දහම වෙනුවෙන් වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ උදයවිය සිදුකර ඇති සේවය අගය කළ යුතු බවද සදහන් කළහ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පස්වන වරටත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යධුරයට පත්විමෙන් පසුව කොල්ලූපිටිය වාලූකාරාමයට අද(16) පස්වරුවේ පැමින ආගමික වතාවත් වල නිරත වූ අතර එහිදී අනුශාසනාවක් සිදුකරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
එහිදි මහා සංඝරත්නය කොල්ලූපිටිය වාලූකාරාමයේ බෝධින් වහන්සේ ඉදිරිපිට සෙත් පිරිත් දේශනා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.
ආගමික වතාවත් වල නිරත විමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේවාශිර්වාද ලබා ගැනීමක්ද සිදුකළේය.
කොල්ලූපිටිය වාලූකාරාමය ඇතුලූ පංචමහා විහාරාධිපති මහරගම නන්ද හිමියෝ, එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමියෝ, නුගේගොඩ නාලාන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ, සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමියෝ අතුළු මහා සංඝ රත්නය මෙම අවස්තාව සදහා වැඩම කළහ.




ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තාම ඒ විදිහට කතා පවත්වන්න බැහැ හාමුදුරුවනේ... මමත් කැමැතියි මෙහෙ පස්සෙන් හාමුදුරු ගුණ ගායනා කරමින් වඳිනවා නම් අපේ හාමුදුරුවනේ...
මුසාවාද එපා අපේ හාමුදුරුවනේ!!!
මහදවල් බැංකුවක් කඩන හැටි ඉගෙන ගත්තෙමි. මම කුලියාපිටියෙන් මිලට ගත් වොක්ස්වැගන් එකේ ගමන් බිමන් යන නිසා ඔහුට මොකුත් නොකියමි. කලකට පසුව ඔහු පන්සල් යනහැටි දැකීමද සතුටකි. සුමන්දිරම්ට කීකරුව සහ යටත්ව ඔහු ජීවත්වන හැටි බලා සැනසෙමි.
කීමට දහසක් දේ තිබුණත් ඒවා සඳහන් කිරීමෙන් වළකින්නෙමු. ඒ සියල්ල අවසාන ඡායාරූපයෙන් රට, ජාතිය, තමන් අදහන ආගම ගැන යම්කිසි හෝ හැඟීමක් තිබෙන ඕනෑම අවංක පුරවැසියකුට හොදින් තේරුම ගැනීමට හැකිවනු ඇත.
දේශපාලනික සේවය විතරක් නෙමෙයි. අනික් 'සේවාවලුත්' ගෝල බාලයෝ හොඳට ආදර්ශයට අරන් තියෙන බවට ඕනෑතරම් උදාහරණ තියෙනවා. කොටින්ම විපක්ෂයේ කට්ටියත් ඒවා නොසැහෙන්න ආදර්ශෙට ගන්නවා.
ඇත්තම ඇත්ත... ඔබතුමාට අපේ ආචාරය..
හාමුදුරුවනේ රනිල් ශාසනයට, රටට කල සේවයෙන් බිඳක් කියන්න අපිටත් පින් අනුමෝදන් වෙන්න. මම මේ ඉල්ලීම දහස් වාරයක් කරතිබෙනවා. මහින්ද මහතා කළ සේවය නම් දිව අග තිබෙනවා. නමුත් රනිල් ශාසනයට හෝ රටට කල සේවය සොයන්න අපි බොහොම මහන්සිවෙනවා. ඔබවහන්සේ රනිල් ගැන කීව්ව නිසා අපි හිතුවා ඔබවහන්සේ තමයි සුදුසුම තැනැත්තා රනිල් කල සේවය දැනගන්න...
හදිසියයි, ඉක්මන්කමයි, වංකකමයි, අවංකකමයි කාට හරි පැහැදිලි කරන්න නියම උදාහරණය...
බෙන්ස් එකක් හම්බවෙයි, මෙයාට දිව්‍ය ලෝකෙට යන්ට !!
රනිල් බෞද්ධයෙක් වුණේ කවද්ද?
මෙයා බලය තියාගන්න බොරු බෞද්ධ කමක් රඟන කෙනෙක්. බෞද්ධාගමට මොනවද කරලා තියෙන්නේ...? අනගාරික ධර්මපාලතුමාවත් රටින් එලෙව්වේ මෙයාගේ මහාඇත්තෝ තමයි.
ඔව් ඔව් රට පාවලා දීලා, බටලන්ද දාලා, අද මෙතන ඉන්න එක අපි හැමෝටම ආදර්ශයක්..
අනේද කියන්නේ.. අපේ හාමුදුරුවනේ... කොහොමද ටිකිරි මොලේ?..
එතනත් අවධානය තියෙන්නේ වෙන තැනක.
විහිලු කරන්න එපා. ඕවා කරන්න බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ එහෙම ඉන්නවා. ඔබ වහන්සේ ආගමික කටයුතු ටික කලානම් වටිනවා.
හොරුන්ව රකින එක තමයි ලොකුම ආදර්ශය.
ඇත්තට ශාසන සේවය කරන්න ඕනේ රනිල්වත් මහින්දවත් සිරිසේනවත් නොවෙයි. ඒකට තමයි මහා සංඝ රතනය ඉන්නේ.
බමුණුආරච්චි නොදන්නා දේවල් ලියන්න එපා. රනිල් විතරක් නොවේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ අය (ජේ ආර් ජයවර්ධන මහතා ඇතුළු) විසින් තමයි කැළණි රජමහ විහාරය සාදා නිම කලේ. බුද්ධාගමට ලොකු සේවයක් කල අය තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ.
ඔබ වහන්සේ සඳහන් කරන්නේ මහ බැංකුවට කළ ආදර්ශය නේද?
කවුරුහරි හාමුදුරුවන්ගේ දැහැත් වට්ටියට බාබුල් දාලා...
පුදුම ගාම්භීර බවක් තියෙන්නේ අර අන්තිම පින්තූරේ
හාමුදුරුවන්ගේ මුහුණ කෙලින් බලන්න අමාරුනිසා පැත්තක් බලාගෙන ඉන්නේ...
දේශපාලකයින් ගැන භික්ෂූන් වහන්සේලා කරන ප්‍රකාශ ප්‍රධානයන් මත පවතී. සමහර පන්සල් පක්ෂ කාර්යාල බවට පත්වී ඇත. දේශපාලන වශයෙන් බොහෝ විවේචනයන් තිබුණත් රනිල් වික්‍රමසිංහ මහතා පන්සල දේශපාලන වේදිකාවක් කර නොගත් බව නම් කිවයුතුයි.
බලන්න මහාචාර්ය වික්‍රමසිංහ මැතිනිය, රත්තරන් මුදු මාල , දොඹ අට පමණ ලොකු රත්තරන් ගෙඩි තියන වළලු නෑ. ඉතාම චාම් සිරිලකට පහල උණු උත්තමියක් . ඔබතුමියට තෙරුවන් සරණ සහ විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා.!