(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට ගියේය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති පාක්ෂික හමුව අවසන් වූ විගසම මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (16) දහවල්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියාය.
ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙරට ප්රජාතන්ත්රවාදී බලවේග ඒකරාශී කිරිම සදහා රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට තීරණය කළ අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මුළු කාළය තුළම එහි ගත කළාය.
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය 2015 ජනවාරි 08 වැනි දා පිහිටුවීමෙන් පසුව ඔක්තෝබර් 26 වැනි දා දක්වා කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත්‍රීන් දෙකක් පමණි.
අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරිමෙන් පසුව පුරා දින 50ක් අරලියගහ මනිදිරයේ රැඳී සිටිමින් මෙරට ප්රජාතන්ත්රවාදී බලවේග ඒකරාශී කරන කේන්ද්‍රස්ථානය බවට අරලියගහ මන්දිරය පත්කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරිමෙන් පසුව පුරා දින 50ක් අරලියගහ මනිදිරයේ රැඳී සිටිමින් මෙරට ප්රජාතන්ත්රවාදී බලවේග ඒකරාශී කරන කේන්ද්‍රස්ථානය බවට අරලියගහ මන්දිරය පත්කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය." මේවා රාජ්‍ය දේපල මිසක් U .N .P පක්ෂ වැඩට ගන්න තවත් සිරිකොතක් නොවේ.
ඔය රජ ගෙදරයි ,අරලියගහ මන්දිරෙයි දෙකම කෞතුකාගාරයට ලබා දෙන්න රටේ ජනතාවට සේවයක් සලසන්න.
5වන පටු මගේ නිවස ප්‍රථම වතාවට ඊයේ තමා දැක්කේ. ඒක දකිද්දි නම් හිතෙනවා රනිල් රටේ අගමැති කමට සුදුසු නෑ කියලා. අවුරුදු ගානක් දේශපාලනය කරලත්, රටේ අගමැති විදිහට 5 වතාවක් පත්වෙලත් තමන්ගේ නිවසවත් හදාගන්නට බැරි වුනු නායකයෙක්නේ රනිල් කියනනේ. ගරා වැටෙන්න ඔන්න මෙන්න තියෙන ගෙයක් නේ 5වන පටුමගේ නිවස කියන්නේ.
මේ මන්දිරය දුක් විඳින ජනතාව වෙනුවෙන් කැපවුනු සැබෑ ජනතා නියමුවන්ගේ සටන් මධ්‍යස්ථානයක් වන්නේ කවදාද? අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ මන්දිරයට අරක්ගෙන සිටි දේශපාලුවන් තමා අපේ රට විනාශ මුඛයට ඇදගෙන ගියේ.
මොකටද දැන් යන්නේ... ඔය ටික කාලෙත් ඉන්න...?
කරුණාකර මෙය නැවත නැවතත් කියවන්න "යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය 2015 ජනවාරි 08 වැනි දා පිහිටුවීමෙන් පසුව ඔක්තෝබර් 26 වැනි දා දක්වා කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත්‍රීන් දෙකක් පමණි." අවුරුදු තුනටම රාත්‍රී දෙකක් පමණි. එයම ඇති රනිල් වික්‍රමසිංහ මහතා නියම මහත්මයෙක් බව ඔප්පු කිරීමට... රටේ බහුතර මෝඩ බයියන්ට නොපෙනුනාට දන්නෝ දනිති ඔහුගේ අගය...
අනේ ඔහේ කොහේ ගියාම මොකද? වැඩේ හරියට කෙරෙනවා නම්...
අනිත් එක්කෙනා හොරට අගමැති වෙලා හිටපු දින 50 ට පවුලේ හෙලිකොප්ටර් වියදම විතරක් රුපියල් මිලියන 850ක්...
මේ රට හරියට කරපු කෙනෙක් ඉන්නවද? එහෙනම් මෙහම වෙනවාද?
පස්ස දොරෙන් ඇතුල් වෙලා කිලිටි කරපු ස්ථානයක වැදගත් කෙනෙක් ඉන්නේ කොහොමද ?
මොනවත් බැරිනම් වැඩ කර පෙන්වපු මිනිස්සු පන්නන්න ඕනේ නැහැ තමන් මකබෑවිලා යන එකයි තියෙන්නේ... අපට ඕනේ රට වැඩ කරන මිනිස්සු මිස බැංකු කොල්ල කාරයින් නොවේ..
මුට්ටි දාලා ආවේ රනිල්ද මහින්දද? රනිල් සිරිසේන පස්සේ ගිහිල්ලා අගමැතිකම් ගත්තා.. සිරිසේන මහින්ද ඉස්සරහට ඇවිත් අගමැතිකම දුන්නා. සිරිසේන ජනාධිපති නොවෙන්න රනිල් අගමැතිවෙනවාද? එහෙනම් 31 වතාවටත් පරදිනවා.