අගමැති උතුරේ අවතැන්වුවන් බලන්න යයි ගංවතුර හේතුවෙන් උතුරේ විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට අද (28) දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේ සංචාරයක නිරතවිය. 28 December 2018
ආසියාවේ හොඳම නැගී එන ගමනාන්තය ශ්‍රී ලංකාව 2019 වසරේ ආසියාවේ නැගී එන හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව, අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇත. 28 December 2018
ජාතිවාදය අවුස්සන උගුලට හසුනොවන්නැයි විමල් කියයි දිගන සිදුවීම් වලදී වගේම මහනුවර මාවනැල්ල බුදුපිළිම විනාශ කිරිමේ ක්‍රියාවලිය පිටුපසත් දෙමළ ඩයස් පෝරාව වැනි ජාතිවාදය අවුස්සා තමන්ගේ උවමනා ඉටුකරගන්න උත්සාහ කරන පිරිසක් සිටිය හැකි බැවින් ඒ උගුලට හසුනොවන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (28) පැවසීය. 28 December 2018
‘පූජනීය ස්ථාන වලට හානි කරන අන්තවාදීන්ට තදින් ක්‍රියාකරනවා’ බුදු පිළිම වහන්සේ කිහිප නමකට හානි කළ බව කියන සිද්ධියට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමේ බොහෝ දෙනෙකු මේවන විටත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට උපදෙස් දුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 December 2018
හිලරි පරදා මිෂෙල් ඔබාමා මුල්තැනට වසරේ අතිශයෙන් අගය කරන ලද කාන්තාවට හිමි සම්මානය ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා මහතාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා මහත්මියට හිමිවිය. 28 December 2018
මහින්ද කාලේ රටේ ආර්ථිකය ගැන රනිල් වාර්තාවක් ඉල්ලයි මහින්ද රාජපක්ෂ මහතා අගමැති සහ මුදල් ඇමැති වශයෙන් කටයුතු කරන කාලයේ දී රටේ ආර්ථිකයට වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකයට සම්බන්ධ සියලූම අංශ වලට උපදෙස් ලබා දී තිබේ. 28 December 2018
උතුරේ අවතැන්වූවන් 118,538 දක්වා ඉහළට අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා අද (28) වන විට පවුල් 38,209 කට අයත් පුද්ගලයින් 118,538 දෙනෙකු විපතට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි. 28 December 2018
රුපියල තවත් පහළට ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 184.07 කින් පහළ ගොස් තිබේ. 28 December 2018
මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රංජිත් සොයිසා මහතා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරිමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනිතා රෝෂිනී පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය. 28 December 2018
පී. හැරිසන් ඇමැති ධූරයේ වැඩ අරඹයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ග්‍රාමීය ආර්ථීක අමාත්‍යංශයේ දී අද (28) පෙරවරුවේ වැඩ බාරගත්තේය. 28 December 2018
කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වැඩ බාරගනී කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතා වැඩ බාරගැනීම රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (27) සිදු කෙරිණි. 28 December 2018
කතුන් ඇතුළු සිසුවියන් වීඩියෝ කළ කොන්දොස්තර දැලේ පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව ජංගම දුරකථනවලින් වීඩියෝ කළ බස් රථ කොන්දොස්තරවරයකු ජංගම දුරකථන 03ක් සමඟ අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි. 28 December 2018
ලක්ෂ හයක මත්කුඩු සමඟ ‘ඩිකී අක්කා’ අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් අනූපහේ වත්තහන්දිය අසළ දී රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ ‘තොටළඟ ඩිකී අක්කා’ නැමැත්තිය අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 28 December 2018
ගලක් කඩා වැටී ශ්‍රී පාද වන්දනාකරුවන් තිදෙනෙකුට තුවාල නල්තතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් මහගිරිදඹ ප්‍රදේශයේදී ගලක් කඩා වැටීමෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. 28 December 2018
චීනවරායේ තෙල් ටැංකිවල තහඩු කැපූ 8ක් අත්අඩංගුවට චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි දෙකක කපා යකඩ තහඩු ඉවත් කළ අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව චීනවරාය පොලිසිය පවසයි. 28 December 2018
වැඩිහිටි ලේකම් කාර්යාල ප්‍රධානීන් හෙට මානව හිමිකම් කොමිසමට කැඳවයි වැඩිහිටියන් පිරිසකගෙන් ලද පැමිණිල්ලක් අනුව වැඩිහිටි ලේකම් කාර්යාලයේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හෙට (27) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබේ. 27 December 2018
ඕස්ට්‍රේලියාවේ මහල් 38 ක ගොඩනැගිල්ලක ඉරිතැලීමකින් ජනතාව ඉවත් කරයි ඕට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි මහල් 38 කින් යුතු ගොඩනැගිල්ලක බිත්තියක් ඉරිතැලිම හේතුවෙන් ගොඩනැගිල්ලේ සිටි ජනතාව ඉවත් කර ඇත. 27 December 2018
මාවනැල්ලේ බුදුපිළිම කැඩූ 7 ක් අත්අඩංගුවට මාවනැල්ල හා අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට පහර දී අනර්ථය සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 27 December 2018
වැස්ස අඩු වන ලකුණු දිවයිනේ පළාත් රැසකට බලපා තිබූ වැසි තත්ත්වය හෙටින් (28) පසු තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 December 2018
වැස්සෙන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඇති වූ ජල ගැලීම් සහ හැමූ සැඩ සුළං හේතුවෙන් මේ වන විට දිවයිනේ පළාත් හතරකට අයත් 100,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 December 2018
මාධ්‍ය හමුවකට පැමිණි වාසු ත්‍රිරෝද රථයක නැගී පිටව යයි පුංචි බොරැල්ල තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැමිණ සිටියේ සිය නිල වාහනයෙන් නොවන අතර ඔහු මාධ්‍ය හමුව නිමවී ත්‍රිරෝද රථයක නැගී එතැනින් පිටව යනු දක්නට ලැබිණි. 27 December 2018
‘පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවන්න කටයුතු කරනවා’ ලැබෙන පළමු අවස්ථාවේදීම පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පැවසීය. 27 December 2018
ජනපති යළි ලංකාවට එනතුරු ශ්‍රීලනිප මුලස්ථානය වසයි තමන් නැවත දිවයිනට පැමිණෙනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසා දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ මූලස්ථානයේ නිලධාරී මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 27 December 2018
උතුරේ අවතැන් වූවන්ට සතොසෙන් ආහාර ලොරි 15 ක් උතුරු පළාතේ ඇතිවී තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි රථ 15ක් සතොස ආයතනය මගින් පිටත් කර යවා තිබේ. 27 December 2018
‘නිසි කාලයට පෙර මැතිවරණයකට යන්න අපේක්ෂාවක් නෑ’ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාලයට පෙර මහ මැතිවරණයකට යාමේ කිසිදු අපේක්ෂාවක් එක්සත් ජාතික පෙරමුණට නැතැයි ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවසීය. 27 December 2018
‘ඉදිරියේදී රටේ ප්‍රශ්න ගණනාවක් ඇති වන නිසා අතුරු සම්මත ගිණුමට ඡන්දය දුන්නා ‘ ජනවාරි මස පළමුවැනිදා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිවීම සහ තවත් ප්‍රශ්න ගණනාවක් රටෙහි ඇතිවන බැවින් අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකළ බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා අද (27) පැවැසීය. 27 December 2018
ට්‍රම්ප්-මෙලානියා ඉරාකයේ සංචාරයක ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් ඉරාකයේ සංචාරයක නිරත වූහ. 27 December 2018
‘යුද්ධයෙන් වෙන්කරන්න බැරි වූ රට විජාතික බලවේග වලින් වෙන් කරන්න හදනවා’ යුද්ධයෙන් සහ ව්‍යස්ථාවෙන් බෙදා වෙන්කිරීමට නොහැකි වු රට ජාතීන් අතර ගැටුම් ඇතිකර බෙදා වෙන්කිරීමට විජාතික බලවේග කටයුතු කරන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කොළඹදී පැවසීය. 27 December 2018
බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය ඖෂධ සංයෝජක පෙර වතාවකදීත් හසුවෙලා වේදනා නාශක බෙහෙත් කරල්වල ඖෂධ ඉවත් කර මත්කුඩු පුරවා බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට ගෙන යද්දී අසුවූ ඖෂධ සංයෝජකයා මීට පෙරද බන්ධනාගාරයට කුඩු ගෙනයාමේ චෝදනා ලබා ඇති අයෙකු යැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 27 December 2018
පුරාණ වාරි පද්ධතියේ පරිහානිය හා වන විනාශය උතුරේ ගංවතුරට හේතුවක් උතුරු පළාතේ පුරාණ වාරි පද්ධතිය විනාශ වීම සහ වන ගහනය අඩු වීම එම පළාතේ ගංවතුර තත්ත්වයට වැඩි වශයෙන් හේතු වී ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. 27 December 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026