(චමිල් රූපසිංහ)
බුදු පිළිම වහන්සේ කිහිපනමකට හානි කළ බව කියන සිද්ධියට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමේ බොහෝ දෙනෙකු මේවන විටත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට උපදෙස් දුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද (28) පැවති මාධ්‍යය හමුවක දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මෙම අන්තවාදී කණ්ඩායම් හින්දු පූජනීය ස්ථානයකටද හානිකර තිබෙන බව දැන ගන්නට ඇතැයි කී අගමැතිවරයා ඒ අයට කිසිදු සහනයක් ලබා නොදෙන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් එහිදී මහතා කීය.
මෙම සිදුවීම් වලින් පූජනීය ස්ථාන වලට සිදුවූ හානි රජය මැදිහත්ව ප්‍රතිපූර්ණය කරන බවද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඔහේගේ යාලුවෝ නේද?
ප්රතිපූරනය කරන්න කොහෙද සල්ලි තියෙන්නේ? මහ බැංකුවේ සේරම සල්ලි වලට විදලනේ?
මේ සිදුවීම් සැමවිටම සිදුවෙන්නේ දේශපාලන හයියක් එක්ක. 83 සිද්ධිය, බේරුවල සිද්ධිය වගේම නුවර සිද්ධියත් ඔය වගේ වුණු දේවල්. ගොඩක් වෙලාවට මේවා පවතින ආණ්ඩු කරනවා. සෑබෑ ප්‍රශ්න වහගෙන අවධානය වෙන දිශාවට යොමුකරවන්න.
වෘකයින්ගෙන් බේරගන්න බැටළුවන් බලා ගන්න තැනැත්තාට යහපත් එඬේරා කියලා මොනම බැටළුවෙක්වත් තියන්නේ නැහැ. මන්ද වෘකයින්ගෙන් බැටළුවව බේරා ගන්නේ මිනිසාගේ බඩට අවශ්‍ය මස් ටික පරිස්සම් කරගන්න ඕනේ නිසා. බුද්ධාගම බේරා ගන්න මේ දවස් වල "යහපත් එඬේරලා" වළිකනවා.
හොඳ තීරණයක්... දැඩි දඬුවම් දිය යුතුයි.
මෙයා ළඟදී ඉඳලා බුද්ධාගමට ටිකක් ආදරයක් පෙන්වනවා...
මේ කඩාකප්පල් වැඩ කරන්නේ සෙල්ලම් ආණ්ඩු හදපු අය වෙන්නබැරි නැහැ. මොකද මේ ගොල්ලෝ නැවත ආණ්ඩුව පෙරලනවා කියනවා. ජාතිවාදී කෝලාහල හදලා රට විනාශ කරන්නයි හදන්නේ...
බෞද්ධ අන්තවාදීන්ට පමණක්... යනුවෙන් දැක්වීම සුදුසුයි.
බුදුපිළිම හෝ වෙනත් ආගමික පිළිම අන්තවාදීව විනාශ කරන එකට මම කැමැත්තක් නැහැ. නමුත් අපි බුද්ධාගමේ, අපි කතෝලික ආගමේ කියල පෙන්වන්න තුන්මං හන්දි වල, පාර දෙපැත්තේ බුදුපිළිම, සුරුවම් හදන එකේ පිළිවෙලක් තියෙන්න ඕනේ. හොඳ වෙලාවට ඉස්ලාම් භක්තිකයන්ට පිළිම වන්දනාවක් නොතිබුනේ, තිබුනානම් තවත් පිළිම වැඩි වෙයි. ලංකාවේ ගොඩගැහෙන කුණු කඳු වලට පිළිසරණක් කවදා හමුවේද?
අන්‍ය ආගම්වලට අවලාද කීම සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන අපවිත්‍ර කිරීමෙන් වලකින ලෙස ශුද්ධ වූ කුරාණයේ 6:108 සඳහන් කර ඇත. එසේ තිබියදී යමෙක් එයට විරුද්ධව ක්‍රියා කරන්නේ නම් ඔහු දඬුවමට පාත්රවිය යුතුයි. නමුත් එක් පුද්ගලයෙකුගේ නොමනා ක්‍රියාව නිසා මුලු සමාජයක් දඬුවමට ලක්වීය යුතු නැත. එසේ සිදුවන්නේ නම් එයට රටේ පාලකයන් සහ ආරක්ෂක අංශය වගකිවයුතුයි.
Tin Tin මොඩිෆයි කරපු කුරානය නොවෙයි ඔරිජිනල් කුරානය ගැන කතා කරන්න.
Tin Tin මමත් ඔබේ ආගම හොඳට හදාරා තිබෙනවා. සංහිඳියාව නිසා අපි ඔබලා වැන්නවුන්ට දෙන පිළිතුරු පලවෙන්නේ නැහැ. පලවෙනවානම් කනේ ඇඟිලිගහගන්න කියන්න පුළුවන්.
මට විනාඩියක් දෙන්න... පුදුම වෙන්න
කොහොමත් 2015න් පසුවයි මේ ව්‍යවසනය සිදුවෙන්න පටන් ගත්තේ... එ්කට එජාපය වගකිය යුතුය..
මේක ජාතින් අතර ප්‍රශ්නයක් නොවේ දේශපාලුවන්ගේ වැඩක්.