(ඉන්දිකා රාමනායක)
මාවනැල්ල හා අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට පහර දී අනර්ථය සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් හය දෙනෙක් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 දින දක්වා රිමාන්ඞ් බාරයට පත් කළ බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සිද්ධිය සැලවීමත් සමඟ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කළ බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම අනර්ථ සිදුකරන අවස්ථාවේ දීම ප්‍රදේශ වාසීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි තරුණයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී හෙළි වු තොරතුරු අනුව සෙසු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
සිද්ධියෙන් පසු ප්‍රදේශ තුළ සාමය පවත්වාගෙන යාම සදහා පොලිස් හා විශේෂ කාර්ය බලකාය යොදා ආරක්ෂාව තරකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට අහුවුනේ... නැත්නන් ඕකත් මහින්දගේ පිටින් යන්නේ. මිනිස්සුන්ට වැඩක් කරන්න බැරි ආණ්ඩුව හදන්නේ ජාතිවාදය අවුස්සලා, සුලු ජාතික ඡන්ද හිඟාකන්න.
දැඩි දඬුවම් දෙන්න ඕනේ මේ වගේ අපේ බුද්ධාගමට අපහස කරන අයට...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයේ "14.(1) සෑම පුරවැසියකුටම - (ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට, හිමිකම් ඇත්තේ ය. යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. මෙම ව්‍යවස්ථාව අනුව රටේ සෑම පුරවැසියකුටම රටේ ජනතාව අදහන සියලු අගම් හෑදෑරීමට, ප්‍රගුණ කිරිමට, කියවීමට විමර්ශනය කිරිමට අයිතියක් ඇත. එසේම එකී අගම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එපමණක් නොව අපරාධ නඩු විධාන සංග්‍රහයටද (දණ්ඩ නීති සංග්‍රහයට) පටහැනිව ඉගැන්වීම්, ක්‍රියාකාරකම් තිබේද යන්න විමසා බැලිය යුතු කාලය එළඹ ඇත. ආගමකින් සිදුවිය යුත්තේ සදාචාරය, හික්මීම, සාමය, සංහිඳියාව ඇතිකිරීමට මග පෙන්වීමයි. ආගම් නාමයෙන් පෙනී සිටිමින් රටේ ජාතික සමගියට, ආගමික අන්‍යෝන්‍ය මිත්‍රත්වයට හා සංහිඳියාවට යම් ආගමිකයෙක් ආගමික කණ්ඩායමක් අකුල් හෙලන්නේද එයට හේතු වහා අධ්‍යයනය කළ යුතුය.
මෙම නිහීන පහත් ක්‍රියාවට සහභාගී වූ මෙන්ම වචනයකින් හෝ උදව් කළ නිවට අවජාතකයන්ට උපරිම දඬුවම් දිය යුතුය.
මේවා මේ සාමාන්‍ය මිනිස්සු කරන එවා නෙවේ. අනිවාර්යයෙන්ම එක්කෝ රජයේ හෝ විපක්ෂයේ දේශපාලනය කරන බලපෙරේතයෝ මූලික වෙලා කරන දේවල්.. එහෙම කාගෙවත් හයියක් හෝ උසිගැන්වීමක් නොමැතිව මේවා වෙන්න ඉඩ අඩුයි. මාධ්‍යවලටත් ලොකු යුතුකමක් තියෙනවා. මේවා පිටුපස ඉන්න දේශපාලන අතකොලු අනාවරණය කිරීමට. නැත්තම් මේ දේවල්වලින් වෙන්නේ රට ආපස්සට යෑම...
අවුරුදු 5 ට වැඩි ළමයි අන්‍යාගම් නිසා දැන්ම තියාම පටන් අරන්. දර්ගා නගරේ පාරේ ගිය හිමි නමකට නිකරුනේ පහරදීලා කලබල ඇතිවුණා.
ජාතික සමගිය ගැන හැගීමක් නැති මේ අයට බරපතල දඬුවම් දියයුතුයි.
ඥානිස්සර අපේ හාමුදුරුවනේ මේ ගැන කතා කරන්න බයයි. කාටවත් නොවෙයි මෙතන ලියන ඊනියා සංහිඳියා කාරයින්ට...
8 දෙනෙක් ආණ්ඩුවට සපෝට් කරලා ඔහොම නම් සභාග රජයක් පිහිටෙව්වොත් පන්සල් පිටින්ම ගලවලා දාවි.
දැන් ලොක්කා කියාවි කොල්ලන්ගේ කොලුකම කියලා. අපේ හාමුදුරුවෝ හිටියානම්...
මොන සාමයක්ද? ටිකක් හතර අතට බෙදුවානම් තමයි හොඳ.
ගල්ගසා මරණ දඬුවම් දිය යුතුයි.
මේවා කරන්නේ ආගම්වාදී අරමුණකින් නම් මරණ දඬුවමට සමාන දඬුවමක් දිය යුතුයි. මෙම පිළිම අලුත්වැඩියා කොට තවත් අලුත් පිළිම සෑදීම කළ යුතුයි.
ලංකාවත්, අරාබියක් කරන්න හිතන් ඉන්නවා ඇති. නිසි දඬුවම් දෙන්න ඕනේ ඒ අයට...
හොඳ වෙලාවට බොදුබලයෝ ඇතුලේ හිරගේ, නැත්නම් මෙලහකට තවත් ගිනිතැබීම්, පොදු දේපල හානි...
පොහොට්ටුවේ කට්ටිය තමයි ඉතින්...
සිංහල දේශපාලකයින් ටික බුදි... මේවා කරද්දිත්..
බුදුපිළිම කැඩුවට නිර්මල බුදුදහම කිසිසේත්ම විනාශ කළ නොහැකියි.
මේ වගේ දේවල් කරලා ජනතාව කුලප්පු කරලා ආයේ මේ රට විශාලාවක් කරන්න කැසකවන කවුරු හරි කල්ලියක හෝ කණ්ඩායමක ක්‍රියාවක් විය හැකියි. ජනතාව හැඟීම්වලට යට නොවී බුද්ධියෙන් ක්‍රියා කළ යතුයි.
බෞද්ධ බුදු පිළිම කඩන මෙවන් නරුමයින් අප රටින් පිටුවහල් කළ යුතුය. ඒ සඳහා නීති ප්‍රතිපාදන නැත්නම්, එවැන්නක් සාදා හෝ එසේ කළ යුතුය.
අන්‍ය විශ්වාසයන් සම්බන්ධව අල්කුරානයේ ඉගැන්වීම! අල්කුරානය 6: 108...
හලෝ ඔහේලාගේ අර හැඳිමිටක් දිග නුවණට නොපෙනුණාට අතිගරු කාදිනල් පියතුමා කීවේ ඔය දේ සිදුවන බව තමයි. බුද්ධාගම තිබෙන තාක්කල් අනිත් ආගම් මේ රටේ පවතීවි. ඊටපසු කුරුස යුද්ධය පටන්ගනීවී.. ආගම්වල පැවැත්ම සඳහා...
මෙවැනි ක්‍රියා කරන අයට වගේම, මේ සඳහා අවවාද අනුශසනා දීපු අයටත් කිසිදු භේදයකින් තොරව දැඩි දඩුවම් දිය යුතුයි.
මේකත් අර අම්පාර වඳ පෙති වගේ... සෙල්ලමක් වගේ...
බලාගෙන සංහිඳියාව...
Bamunuarachchi පොලිසිය, නීතිය කියන්න කලින්... මේ මාධ්‍ය කොහොමද කියන්නේ? අන්‍යාගමික ස්ථානවලට පහර දීපු බෞද්ධ අන්තවාදීන් ගැන කියද්දී තොප්පිය දාගන්නැතුව හිටියා නම් හොඳයි. සැකකරු කොහොමද වැරදිකරු වෙන්නේ?