(අමදෝරු අමරජීව)
චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි දෙකක කපා යකඩ තහඩු ඉවත් කළ අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව චීනවරාය පොලිසිය පවසයි.
දැනට මෙම තෙල් ටැංකි ලංකා ඉන්දීය තෙල් සමාගම්( අයි.ඕ.සි) පරිශ්‍රයේ පිහිටා ඇති අතර එම සමාගමේ ආරක්ෂක අංශය කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ටැංකිවලින් කපා ඉවත් කළ තහඩු තොගයක් ද ඒ සමඟ පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම ටැංකි දෙකට කළ හානිය රුපියල් ලක්ෂ 90 ක් පමණ වෙතැයි ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් චීනවරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාවටිනා තහඩු වර්ගයකි.... එමනිසා කලයුත්තේ ඔවුන්ගෙන් වටිනාකම අය කර ඔවුන්ම යොදා ශ්රමය ද, දඩුවමද, දඩයද, අයකළ යුතුයි, එයින් හොරු බෝවීම නැතිවියයි. නමුත් නිතිධාරයින් ගේ උපකාරයෙන් ඔක්කොම සුන්.
ඒ ටිකත් විනාශ කරන්න....... ඉන්දියන් කාරයෝ තෙල් සංස්ථාවේ සේවකයෝ යද්දී නම් කනෙන් අදාළ එලියට දැම්ම. දැන් හොරු ඇවිත් ටැංකි කපාගෙන යද්දී ??