(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 184.07 කින් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කරන දෛනික විකුණුම් අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 184.07ක් වූ අතර ගැනුම් මිල 180.10ක් විය.
ඉකුත් පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර නොවැම්බර් මස 28 වැනිදා පළමු වරට 182 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකු නිකුත් කළ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 27 වැනිදා දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 15.9කින් අවප්‍රමාණය වී ඇත.
කෙසේ නමුත් මේ වසරේ මේ දක්වා කාලයේදී ‘රෙෆිනිටිව් ඉකෝන්’ දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 18.8කින් අවප්‍රමාණය වී ඇත.
ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදයෙන් පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2කින් අවප්‍රමාණය වී ඇතැයි රොයිටර් පුවත් සේවාය වාර්තා කර තිබිණි.
එම පත් කිරීමත් ඉන් පසු නැවත රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් දේශපාලන අර්බුදය නිමා වුවද දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් විදේශිකයන් සහ ආයෝජකයන් බැවින් බැඳුම්කර සහ කොටස් වෙළෙඳපොළවල්වලින් විදෙස් අරමුදල් ඉවත් කරගනිමින් සිටින බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ආයෝජන පිටතට ගලායෑම සහ ආනයන ගෙවීම් වෙනුවෙන් විනිමය වෙළෙඳපොළ තුළ පැවැති ඉල්ලුම යනාදි කරුණු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට වැඩි වශයෙන් බලපෑවේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල මස්ත බාල්දුම දවස අදයි.
රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් දැන්වත් උපරිමව කරන්න ඕනෑ... පිටරටින්ම ගේන්න බලන් ඉන්නේ නැතුව. අනික වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නවත්තන්න ඕනෑ.. (වාහන අමතර කොටස් හැර) මේ වෙලාවේ. රටේ තියෙන වාහන ටික පාවිච්චි කරන්න පුළුවන්නේ. අනික රටේ වාහන මොඩිෆයි කිරීමට තියෙන නීතී ලිහිල් කරනවා නම් අපේ අයත් ලස්සනට පරණ වාහන ටික අලුත් වගේ හදාවි. අනික සෝලාර් පැත්තට අපි යොමු වෙන්න ඕනෑ.. වේගයෙන් නැත්තම් තෙල් මත්තේම නැහෙන්න ගියොත් රටට ගොඩ එන්න බෑ. අනික දේශිය කෑම ප්‍රචලිත කරන්න ඕනේ පිටින් එන කෑම නොදැනෙන ලෙස අඩු කරමින්. පරිප්පු වගේ එ්වා වවන්න ක්‍රමයක් හොයාගන්න ඕනෑ.. එහෙම නැත්තම් මුංඇට වගේ දේවල් වලට හුරු කරන්න ඕනෑ. අනික රජයේ අනවශ්‍ය වියදම් කපා හරින්න ඕනෑ. අරක්ෂක අංශවල අයත් එකතු කරගත්තානම් ලස්සනට ගොඩක් නිශ්පාදන කටයුතු කරගන්න තිබුණා..
සාක් කලාපීය රටවල්වල වේගයෙන්ම බාල්දුවන මුදල ශ්‍රී ලංකා රුපියලයි... පිළිවෙලින් මාලදිවයින, අැෆ්ගනින්ථානය, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය , පාකිස්ථානය මුදල් එක්ක සසඳන විට වේගයෙන්ම කඩා වැටෙන්නේ අපගේ මුදල් එ්කකයයි. බලධාරීන්ට අනුව නම් එය එලෙස නොවේ යැයි තර්ක කෝටියකි. ප්‍රායෝගිකව නම් සත්‍ය සෝමාලියාවේ මුදල් එ්කකයත් රුපියලට වඩා අඩුවේගයකින් බාල්දුවීමයි. බලයට කෑදර කමින් රට වනසන දේශපාලන හැත්ත නිසා රටට අගාධයට, තැබෑරුම්, බියුටි සැලුන් කාරයන්, පාතාලයන් රට පාලනය කරනකොට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. දිනපතා අන්තර්ජාලය හරහා සසඳා බලනවිට අපගේ රටේ මුදල් වේගය කඩා වැටෙන්නේ කෙලෙසදැයි වටහා ගත හැක. බොරු ගස් පැලෙන තර්ක අතහැර රටට හිතැති වැඩපිළිවෙලක් හදන්න නැත්නම් අපිට වහ බොන්න තමයි වෙන්නේ ඉස්සරහට...
ඉක්මන් ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි.. නැත්නම් රට අගාධයට යන එක ස්ථිරයි.
දැන් ඕකත් මහින්දගේ පිටට දාලා ඇඟ බේරගන්න දඟලන්නේ නැතුව.. රටේ සම්පත් විකුණන එක නවත්වලා.. ව්‍යාපාරකයින්ට සුදුසු පරිසරයක් හදන්න. බදු අඩු කරන්න.. අවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනය කරන්න. එතකොට පුද්ගලික අංශයට පඩි වැඩි කරන්න ඕනේ නැහැ. ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවෙනවා.. එතකොට යෝජනා ඒවි. අාහාර රට තුළ නිෂ්පාදනය කරන්න. ඒවායේ උපරිම මිල පාලනය කරන්න. ප්‍රවාහනය උපරිම මිලකට යටත් කරන්න. එතකොට රටේ නිෂ්පාදන පිරිවැය අඩුවෙන අතර ආයෝජකයින් රටට පැමිණේවි.
ඒ කරන්න ආර්ථිකය දන්නා මිනිස්සු ඉන්න ඕනේ. බැංකු කොල්ල කරුවන් කොහොමද ආර්ථිකය හදන්නේ... වෙන ඇමතිකමක් නොදී ගෙදර යැව්වා නම් ලොතරැයි මණ්ඩලේ ගෙදර ගෙනයාවි. අනික රෙද්දේ ප්‍රමාණය නොදැන කෝට් එක කපන ටේලර්ලා කොහොමද ආර්ථිකය හදන්නේ.
ඔය රුපියල බහින එකේ ප්‍රතිඵල මිනිස්සුන්ට දැනෙන්න ගන්නේ මීළඟ හාල් පරිප්පු නැව් ගෙන්නන කාලෙට. ඔය භාරකාර ආණ්ඩු ගත්තු කට්ටිය අල්ලාගෙන තියෙන්නේ කොටි වලිගයක්. ඡන්දයක් තියන්න පහු වුනොත් භූමරන්ගේ වගේ කැරකිලා ඇවිත් බිම වැටෙන්නම වදිනවා. රාජපක්ෂලා නම් යන්තම් ඒ කොටිවලිගේ අත්හැරියා...