(ජේ. කේ. එල්. චාමින්ද)
පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් බසයෙන් බසින අවස්ථාවේ දී සුක්ෂමව ජංගම දුරකථනවලින් වීඩියෝ කළ බස් රථ කොන්දොස්තරවරයකු ජංගම දුරකථන තුනක් සමඟ අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් බස්රථයේ කොන්දොස්තර තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කාන්තාවන් හා පාසල් දැරියන් බස් රථයෙන් බසින අවස්ථාවේදී බසයේ පහළ පඩිය වෙත ගොස් ඉතා සුක්ෂම ලෙස ජංගම දුරකථනයෙන් ඔවුන්ව වීඩියෝ කළ දර්ශන රැසක් මොහුගේ ජංගම දුරකථනවල තිබී හමුවී ඇති බව පොලිසිය පවසයි.
විදේශිකයින්ට පෙන්වීම සඳහා මෙම දර්ශන වීඩියෝ ගතකර ඇති බවත් ඇතැම් පෞද්ගලික බස් රථවල ද මෙය ජාවාරමක් ලෙසින් ක්‍රියාත්මක වන බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
විමසිලිමත්ව බස්රථවල ගමන් කරන්නැයි මිටියාගොඩ පොලිසිය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තිරිසන්නු... දැඩි දඬුවම් දෙන්න..
මෙවැනි "මානසික රෝගීන්ට" මානසික රෝහලක තම ජීවිතය ගතකිරීමට සැලසිය යුතුයි... !
විදේශිකයින්ට පෙන්නන්න මේවා වීඩියෝකරා කියන එක මෝඩ කතාවක්... විදේශ රටවල කාන්තාවන් කොටට ඇඳගෙන පාරේ යනවා ඕනතරම්.. ඒගොල්ලන්ට ඕවා වැඩක් නෑ. මේක මෙයාගේ අසහනයට කරපු දෙයක් වගේ.
විදේශිකයන්ට විකුණන්න කියන එක පදනමක් නැහැ ... අනිත් රටවල ඔය ඉන්දියාව වගේ රටවල් හැර අසහනකාරයින් නැහැ. මොකද අපේ රටේ අඳින විදිහට වඩා හොඳින් අඟපසඟ පේන්න ඒ අය අඳිනවා... මේ අසහනයටම කරන වැඩ... දැඩි දඩුවම් දෙන්න
මෙවැනි අසංවර කොන්දොස්තරලාට උපරිම දඬුවම් ලබාදිය යුතුයි. තාක්ෂණයේ දියුණුව මේ මී ගවයන් යොදා ගන්නේ මේ විදිහටයි. එය තාක්ෂණයේ වරද නොවේ. එය යොදවන ආකාරයේ වෙනසයි. ඇතැම් ත්‍රීවීලර් කරුවන්ද කාන්තාවන්ගේ නිරුවත පෙනෙන ආකාරයට වාහනයේ ඉදිරිපස යටින් දෙපසේම කන්නාඩි සවිකර තිබෙනු පෙනේ. රිය පදවන අතරතුරේදී රියදුරා ඒ දෙස බලනු පෙනේ. මේ පිළිබඳවද ජනතාව දැනුවත්වීම වටී...
දඬුවම් දීමෙන් පමණක් මේවා නවත්වන්න බැහැ මෙවැනි මානසික රෝගීන්ට මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය. මෙවැනි පුද්ගලයන් ලංකාවේ පමණක් නොව බටහිර රටවල පවා ඉන්නවා.
මානසික අසහනකාරයින්ට අනුකම්පා කරන නීති පද්ධතියක් තුල මේවාට පිළියම් සෙවීම අමාරුයි. මේ පුද්ගලයාගේ පවුලේ බවලත් උදවියගේ ඡායාරුප ප්‍රසිද්ධ කරන්න. තමන්ගේ අම්මාගේ, දුවගේ, සහෝදරියගේ අනන්‍යතාව හෙළි වෙනකොට ඔය ලෙඩේ ඉබේම නවතීවි. එහෙම නැතිව අනේ බබා ආයෙත් ඔහොම කරන්න එපා කියලා ගෙදර යැව්වාට සුව වෙන ලෙඩ නෙමෙයි මේවා...
වීඩියෝ කරන්න ඕනේ නැහැ. ලයිව් පේනවා. සමහරක් ගැහැණු අඩනිරුවතින් පන්සල් වලට පවා එන්නේ. ස්කිනි කියලා එකක් අඳිනවා තනිකරම නිරුවතින් ඉන්නවා වගේමයි...