IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ආසියාවේ හොඳම නැගී එන ගමනාන්තය ශ්‍රී ලංකාව

( තිළිණි ද සිල්වා)
 
2019 වසරේ ආසියාවේ නැගී එන හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව, අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත‍්‍ර වී ඇත.
 
 ”ට‍්‍රැවල් ලෙමින් ඩොට් කොම් ’’ වෙබ් අඩවිය විසින් ලෝකය පුරා ප‍්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොක්කරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් මෙලෙස ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම නැගී එන ගමනාන්තය වශයෙන් තේරී පත්වී තිබේ.
 
මීට අමතරව යුරෝපා මහද්වීපයෙන් සංචාරය කිරීමට හොඳම රට ලෙස සර්බියාව ද , උතුරු අමෙරිකා මහද්වීපයෙන් මෙක්සිකෝව ද , අප‍්‍රිකා මහද්වීපයේ සංචාරය කිරීමට හොඳම රට ලෙස මලාවි රාජ්‍යය ද තේරී පත් වී ඇත.
 
සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන මෙන්ම, වනාන්තර සහ දර්ශනීය වෙරළ තීරය ශ්‍රී  ලංකාවේ සංචාරය කිරීමේදී දැක ගැනීමට හැකිවන බව ‘‘ ට‍්‍රැවල් ලෙමින් ඩෙට් කොම්” වෙබ් අඩවිය සඳහන් කරයි.
 
එමෙන්ම යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙස නම් කරනු ලැබූ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ දී දැක ගැනීමට හැකිවන බව, එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.
 
2019 වසරේ සංචාරය කිරීමට සුදුසුම රටවල් තෝරා ගැනීම සඳහා ලෝකයේ මහද්වීප 6ක් යොදා ගෙන මෙම ඡන්ද විමසීම පැවැත්විණි. මීට පෙර ද ලෝක ප‍්‍රකට ”ලෝන්ලි ප්ලැනට්” සඟරාව ලෝකය සංචාරය කිරීමට සුදුසුම රටවල් අතරට ශ්‍රී ලංකාව ද හඳුන්වා දෙනු ලැබීය.



අදහස් (2)

ආසියාවේ හොඳම නැගී එන ගමනාන්තය ශ්‍රී ලංකාව

prabash Monday, 31 December 2018 07:53 AM

මේ රටේ තිබුණු යුද්ධය නිමකරපු නායකයින්ට මේකේ ගෞරවය හිමිවෙන්න ඕනෑ..

:       26       31

rasiTuesday, 01 January 2019 09:30 AM

සංචාරකයෝ නරඹන්න එන සීගිරිය, අනුරාධපුර හා පොළොන්නරු වැනි නගර වල ඉපැරණි ඉදිකිරීම් කරපු රජවරුන්ට නම් කිසිම ගෞරවයක් දෙන්නේ නැහැ.

:       10       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site