රට බේරා ගන්න අලුත් පෙරමුණක් එනවා - සමන්ත විද්‍යාරත්න
මේ වන විට රට පත්ව ඇති අගාධයෙන් ගොඩගැනීමට පවතින දේශපාලන ක්‍රමය තුළ කිසිදා කළ නොහැකි බැවින් ඒ සඳහා පෙරමුණ ගැනීම උදෙසා රටට ආදරය කරන විද්වතුන් ඇතුළු දේශප්‍රේමීන් එකතු කරගෙන ජාතික විද්වත් සංවිධානයේ මූලිකත්වයෙන් ලබන 2019 වසර මුලදී නව දේශපාලන පෙරමුණක් බිහි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.