තිළිණි ද සිල්වා
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවධානය යොමු කර බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ලිපියක් යොමු කර ඇත.
ත්‍රෛනායික මහානායක හිමිවරුන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ හින්දු සම්මේලනයේ සභාපති නාරා ටී.අරුක්කන්ත් මහතා විසින් ද වෙන් වෙන් වශයෙන් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීම් සිදුකර ඇති බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලීම් පිළිබඳ කාරුණිකව සැළකිල්ලට ගෙන එයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ඤාණසාර හිමිට " සමාව දීම .. එක්සත් ජාතික පක්ෂයේ .. අවසානය වන බව අමතක නොකරන්න .
ඇයි එයාට විතරක්...? එහෙනම් ඔන්න ඔහේ හිරේ ඉන්න ඔක්කෝටම පොදු සමාවක් දීලාදාන්න...
රනිල් තරග කරමින් යන්නට ඉගෙන ගෙන නොමැත. මෙය රනිල්ගේ සහ එජාපයේ අවසානය විය හැකියි.
ඔබලා හිතන්නේ එහිමියන් දඬුවම් විඳිනවා කියාද? නැත... ඔහු සිවුරත් දරාගෙනම පන්සලේ ඉන්නවා වගේ රෝහලේම වැඩ වාසය කරමින් ඉන්නවා. නිදහසක් ඉල්ලන්න දඬුවමක් විඳින්න එපායැ?
එක්සත් ජාතික පක්ෂය කාටවත් බය නැති පක්ෂයක්. ඒ ගැන කරදර වෙන්න එපා.
දුමින්දව එලියට ගැනීමේ කුමන්ත්‍රණයක් මේක.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කාගේදෝ ඇමක් ගිලලා වගෙයි.. මෙවැනි ඉල්ලීමක් ජනපතිගෙන් ඉල්ලා සිටින්නේ..! රටේ අධිකරණයට අපහාසකර "සිරගතවී" සිටිනවා යයි කියන මේ උන්නාන්සේ එළියට ගැනීමට බොහෝදෙනෙක් බලවත් උත්සාහයක යෙදී සිටින විට ඇමතිවරයා මැදිහත් වීම ඔවුන්ගේ බලවත් සතුටට හේතුවනවා ඇත. එජාප රජයට කෙනෙහිලිකම් කරමින් සිටින ජනපතිටත් මෙය ස්වර්ණමය අවස්ථාවක් වෙනු ඇත. අගමැතිතුමා මෙයට කෙලින්ම සම්බන්ධ වී මේ ප්රශ්නය අධිකරණ ඇමැතිනියට භාරදී මේ ප්රශ්නය ඔඩු දිවීමෙන් වළක්වා ගැනීමට උත්සාහයක් ගන්නා ලෙස නීතිගරුක ප්‍රජාව රජයෙන් ඉල්ලා සිටිනු ඇත. එසේ නැත්නම් මීළඟ මැතිවරණයේදී "මරා පොහොට්ටු පක්ෂය" රජයට එරෙහිව බලවත් සටනකට මේ ප්රශ්නය ඈඳා ගන්නවා නියතයි.
මෙතන අදහස් පලකරන අය, ජනාධිපති සමාව කියන එකේ තේරුමවත් දන්නේ නැද්ද? මෙතනදී, සමාව දෙන්නේ, මෛත්‍රිපාල සිරිසේන, ඉල්ලීම කර ඇත්තේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්. මෙතෙක් මේ අය රටට සිදුකල හානිය ඉදිරියටත් නොකරයි කියලා කාටද අනාවැකි කියන්න පුළුවන්?
අපේ හාමුදුරුවනේ... ඔබේ සේවය මේ සිංහල බෞද්ධ රටටම අවශ්‍යම වෙලාවයි. ඒ බව සිරිසේන තේරුම් ගත්තොත් රටට යහපතක් වේවි!!! නැතිනම් ඔබ නිදහස්ව එන්නේ වෙනත් රටකටයි.
අධිකරණයට අපහාස කළ සිරකරුවෙකුට සමාව දීම ඉතාම අයහපත් පූර්වාදර්ශයක් . ජයවික්‍රම පෙරේරා මහත්තයා බලාපොරොත්තුවෙන්නේ ඔහු යූ.එන්.පී. එකේ පාන්සුකූලයට සහභාගී කරවා ගැනීමටද? මේ ඉල්ලීමට අපි තදින්ම විරුද්ධයි!
මොට්ට දේශපාලකයන් සහ අන්තගාමි බොරු දේශප්‍රේමින් විසින් මෙරට විනාශ කරමින් යන හැටි.
ඔය හාමුදුරුවෝ එලියට අරගෙන ආයෙත්මොකකට හරි පටලවයි. ඉන්න විදිහට ඉන්න දීපුවහම බණක් භාවනාවක් කරගෙන ඉදීනෙ .
නිදහස දෙන්න එපා ජනපතිතුමනි, උණ බහිනකම් ඉන්න දෙන්න. බුදු දහමත් විනාශ වෙනවා...