එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.
‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සදහා වන නිර්මාණාත්මක විසදුම්,‘ යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම සමුළුව සදහා ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමත්‍යවරු සහ ඉහළ පෙළේ නියෝජිතයෝ එක්ව සිටිති.
සමුළුව පැවැත්වෙන ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගනු ලැබුවේ සිංගප්පුරු නියෝජ්‍ය අගමැති ටීයෝ චී හීන් හේන් ,සහ ටුවාලු රාජ්‍යයේ අගමැති ඇනෙලෝ සොසෙන් සොපාගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසිනි.
අනතුරුව ජනාධිපතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබීය.
පරිසරය සුරැකීම වෙනුවෙන් විශේෂ කැපවීමකින් කටයුතු කරන සහ පරිසරය වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹී නායකයෙකු ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ දේශනය මෙහිදී සියලූ පාර්ශ්වයන්ගේ විශේෂ අවධානයට ලක් විය.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
(36698)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර අමත්‍යවරු සහ ඉහළ පෙළේ නියෝජිතයින් එක්ව පවත්වනු ලබන මෙම සමුළුව සඳහා වෙනත් කිසිඳු රටකින් ජනාධිපතිවරුන් සහභාගී නොවන හෙයින් අපේ ජනාධිපතිවරයා සහභාගිවන්නේ පරිසර ඇමති වශයෙන් විය යුතුය. රාජ්‍ය නායකයෙක් වශයෙන් එකම එක අගමැතිවරයෙක් සහභාගි වන්නේ ‘තුවාලු’ නම් කුඩා දූපත් රටෙන් පමණි. එසේම මේ සම්මේලනය සඳහා අපේ ජනාධිපතිවරයා සහභාගි වෙන්නේ මොකද කියාද සමහරු ප්‍රශ්න කරති. "තකහනියේ සිදුකළ මේ ගමන ජපාන සමාගමකට අත යට ලබා දී ඇති ලංකාවේ ඉල්මනයිට්වලින් ටයිටේනියම් නිපදවීමේ කොන්ත්‍රාත්තුවට සම්බන්ධ " බවට ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. තවද "සිංගප්පූරු අගමැතිවරයා ජනාධිපතිවරයා හමුවීමට ලබාදී ඇත්තේ පැය භාගයක් වැනි සුළු කාලයක් " බවත් එහිදී ජනාධිපති වරයා " සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම ගැන වචනයක් කතා නොකර අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම ගැන කතා කිරීමට" යන බවත් "ජනාධිපතිවරයා එසේ කරන්නේ යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු අර්ජුන් මහේන්ද්‍රන් යනු වේදිකාවේ විකුණා ගත හැකි අනගි වස්තුවක් වන නිසා" බවත් එම වෙබ් අඩවිය සඳහන් කර ඇත.
විල්පත්තුවට කෙලියා, දැන් සිංහරාජෙ....
මෙයා සමුළුවේදී කිව්වද දන්නේ නෑ.. දුවට වැව් තාවුල්ලේ හෝටල් හදන්න දුන්නා කියලා. අපිව ගොනාට අන්දන්න හදන්නේ...
අර පොළොන්නරුවේ සහල් මුදලාලි උණවටුනේ වැල්ල දේවාලේ ළඟ විශාල පරිසර විනාශයක් කරමින් ඉදිකරන තරු පන්තියේ හෝටලය ගැන ඔබතුම තවම දන්නේ නැතුව ඇති නේද?